ගම්පහ පොහොට්ටුවේ වැඩවලට සරණ සම්බන්ධ කර ගැනීම ප්‍රසන්න ප්‍රතික්ෂේප කරයි.-ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට හේතු වූවා

ගම්පහ පොහොට්ටුවේ වැඩවලට සරණ සම්බන්ධ කර

ගැනීම ප්‍රසන්න ප්‍රතික්ෂේප කරයි.-ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට හේතු වූවා

ගම්පහ ආසනයේ දේශපාලන කටයුතු සදහා හිටපු නියෝජ්‍ය අමාත්‍ය
සරණ ගුණවර්ධන මහතා සම්බන්ධ කරගත යුතු යැයි ඉදිරිපත් වූ
ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න
රණතුංග මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය සෙනසුරාදා (01) උඩුගම්පල ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී
ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති ගම්පහ ආසනයේ ඉදිරි දේශපාලන කටයුතු
පිළිබද සාකච්ඡාවේදී මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ගම්පහ ප්‍රාදේශීය
සභාවේ හා නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකි.

මෑතකදී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත් පණ්ඩු බණ්ඩාරණායක
හිටපු මන්ත්‍රීවරයාට ගම්පහ ආසනයේ පොහොට්ටුවේ කටයුතු සදහා
සම්බන්ධ කර ගත හැකි නම් සරණ ගුණවර්ධන මහතා ඊට සම්බන්ධ කර
නොගන්නේ මන්දැයි ඔවුන් මෙහිදී විමසා ඇත.

ඊට ප්‍රතිචාර දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇත්තේ 2015 දී
මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට හේතු වූ පුද්ගලයන් සම්බන්ධ කර
ගැනීමට නොහැකි බවයි." සරණ ගුණවර්ධන, මර්වින් සිල්වා, සචින් වාස්
ගුණවර්ධන වගේ අය නිසා තමයි මහින්ද මහත්තයා 2015 පැරදුනේ.

විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ 2015 මැතිවරණ පරාජයට හේතු වූයේ
සරණ ගේ හා මර්වින්ගේ හැසිරීම. සරණ ගුණවර්ධන මහත්තයාට කප්පම්
චෝදනා විශාල වශයෙන් තිබුනා. අනික පසුගිය පළාත් පාලන
මැතිවරණයේදී අත්තනගල්ල ආසනයේ පොහොට්ටුවට විරුද්ධ
කණ්ඩායමක් හදලා අපිව පරද්දන්න හැදුවා. මිනිස්සු කැමති නෑ ඒ වගේ
අය සම්බන්ධ වෙනවට. මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමයි රටම
දිනන්නේ. මට දිනන්නයි ඕනෑ. ඒ නිසා ඒ වගේ අය අරන් මට පරදින්න
බෑ.." යැයි මෙහිදී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පවසා තිබේ.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුගෙන් මෙම ඉල්ලීමට ප්‍රාදේශීය
සභාවේ හා නගර සභාවේ බහුතර මන්ත්‍රීවරුන් විරෝධය පල කිරීම
හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ශේප වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *