ගෙදර වැඩ හරියට කලා ද? අද තරගය අතීතයේ පාඩමක් වෙයිද ? (1999-2019)

අද ප්‍රතිපලය1999 ලෝක කුසලානය 2019 ලෝක කුසලානයට සම වෙයිද

ලෝක කුසලාන තරගාවලියේ  ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම් අතර තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය හෝ පිටියේ වාසිය ගැන සිතනවාට වඩා බැරෑරුම් ප්‍රශ්න රැසකට ලක්වෙමින් ඇත ඒ ලෝක කුසලාන තරගාවලියේ හෙට පැවැත්වෙන තරගයේ කණ්ඩායම් නම් කිරීමේදීය එනම් අපේ කණ්ඩායමේ මානසික තත්වය ගැන අමුතුවෙන් සදහන් කල යුතු නැත වසර 2 කක් ඉක්ම ගිය තැන ස්ථාවර ආරම්භක පිතිකරු යුගළය කවුරුන්ද යන්න තෝරාගැනීමට තවම හැකියාව ලැබී නොමැත 1996 දී ලෝක කුසලානය දිනා 1999 යෙදී එංගලන්තයේදී පැවති ලෝක කුසලානයේදී අපේ කණ්ඩායමට අත්වූ ඉරණම 2019 දී එනම් වසර 20 කට පසු නැවත අත්වේ ද ???

එදා සුපිරි අට වටයට හෝ පැමිණීමට නොහැකි කණ්ඩායමක් ලෙස අප තරගාවලියෙන් ඉවත්වන ලදී එදා 1996 යේ ලෝක කුසලානය දිනු කණ්ඩායමේ හරි අඩක් 1999 පවතී ලෝක කුසලානය සදහා ක්‍රීඩා කලද අපි ඉවතට විසිවුයේ කෙසේද ??? එදා කෝඩුකාර සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි අට වටයට සුදුසුකම් ලබද්දී අපි ගෙදර බලා පිටත්වන ලදී ඒ එදාය එම පරාජයේ පශ්චාත් පරීක්ෂන සදහා දැන් කාලය වැය නොකළ යුතුය ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත භාවයයි එහෙත් අද තත්වය වෙනස්ය එක දිගට තරගාවලි 10 ක් පමණ පරාජයවී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මේ ගෙවෙන්නේ තම අවසන් බලාපොරොත්තුවේ අවසන් කාල හෝරාවන් තුලය හැදෙන්නට අවශ්‍ය ඕනෑතරම් තරග සහ කාලය ලබාදී ඇති පසුබිමක කණ්ඩායම සහ ක්‍රීඩකයන්ගේ පැත්තෙන් ලැබියයුතු ජයග්‍රහණ තව දුරටත් පම කිරීමට ඔවුන්ට දැන් කාලයක් නොමැත.

කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනෙකු ක්‍රීඩා කල ද පසුගිය වසර කිහිපයේදී ක්‍රීඩකයන් හරි අඩකගෙන් ක්‍රීඩා කල කණ්ඩායමක් හා සමානය.එක දිගට තරග දෙකකදී අර්ධ ශතක දෙකක්වත් ලබාගත් පිතිකරුවන් සිටින්නේ දෙදෙනෙකු පමණි එවන් තත්වයක් තුල ප්‍රබල නවසීලන්ත කණ්ඩායම් හමුවේ අපේ කණ්ඩායමට ඇති අභියෝගය කෙබදුද පළමු වරටම කිව යුත්තේ කාසියේ වාසිය ලබන්නේනම් මොන තත්වයේ පිටියක් වුවද පන්දු රැකීම තෝරාගැනීම කාලෝචිතය අඩුම තරමේ ක්‍රීඩා පිටියේ උණුසුමෙන් හෝ තරගයට අවතීරණය වීමේ ශක්තිය ලබාගැනීම සදහා එය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

එසේ නොවන්නට මොහු අද දිනයේ දක්ෂතා දක්වන බවට පුර්ණ අනාවැකි කිව නොහැක දිමුත් නායකයෙකු සහ ක්‍රීඩකයෙකු ලෙස ස්ථාවර වෙමින් පැවතීම පමණක් ශ්‍රී ලංකාව පැත්තෙන් යහපත්ය තිරිමාන්න සහ මැතිව්ස් පිත්තෙන් තවත් බොහෝදෙ කල හැකි ක්‍රීදකයන්ය මාලිංග සහ තිසර සුසන් යෝගය මැදට වමත් පන්දුයවන ඉසුරු උදාන එක්කිරීමෙන් අද තරගය නිසි කළමනාකරණයක් ඇති වුව හොත් ලෝක කුසලානයේ තිඹිරි ගෙය තුල මිය නොයන්නට ශ්‍රී ලංකා පිලට හැකිවනු ඇත විශේෂයෙන් කාපිඩ් සම්බන්ධයෙන් විශේෂ විචාරයක් අවශ්‍ය නොවන්නේ ක්‍රීඩා පිටිය කුමක් උවත් දක්ෂතාවය තුලින් එම සියල්ල යටපත් කල හැකි නිසාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *