මම හොඳ බෞද්ධයෙක් කියලා සහතික කරලා කියන්න පුළුවන් // ඇමති කබීර් හසීම් කියයි

මහින්ද රාජපක්ෂ මහත්තයාට මම ස්තුතිය පුද කලා පාසල් ගියපු නැති මන්ත්‍රීවරුන් ටිකක් පාසල් එක්කරගෙන ගියාට

කෑගල්ල සමන් විජය බණ්ඩාර

මහින්ද රාජපක්ෂ මහත්තයාට මම පාර්ලිමේන්තුවේදි ස්තුතිය පුද කලා පාසල් ගියපු නැති මන්ත්‍රීවරුන් ටිකක් පාසල් එක්කරගෙන ගියාට යැයි මහා මාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ආමත්‍ය කබිර් හෂිම් මහතා අද 25 මාවනැල්ල හෙම්මාතගමදි පැවසිය.

ඒ මහතා මේ බව පැවසුයේ රුපියල් ලක්ෂ 1825 ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කරන මාර්ග 6 ක වැඩසටහන යටතේ පල්ලිපොරුව වඩුවාවල මාර්ගයේ වැඩ ආරම්භ කිරිමේ උත්සවයට එක්වෙමින්ය.එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසීය.දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා බලනවා බොම්බයෙන් ගොඩ යන්න. පෙරේදා මහින්දරාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවේ කතා කරනකොට මම එතුමා පිළිතුරු දෙමින් පැවසුවා.

මම ඔබතුමාට ස්තුති කරන්න ඔනෑ. මම දැක්කා ඔබතුමා මේ දවස් වල පාසල් වලට යනවා. ඔබතුමා පාසල් වලට යනකොට ඔබතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා පාසල් වලට අරන් ගිහින් තිබුණා. මම එකට ඔබතුමාට ස්තුතිය පුද කරනවා මොකද ඒ අයගේ දෙමාපියන්ටත් ඔය මන්ත්‍රීවරුන් පාසල් වලට එක්ක යන්න බැරි වුනා. පුංචිකාලයේ උන් ස්කෝලේ ගියේ නැහැ.

දැන් ඔබතුමා අරන් ගියපු එක ලොකු දෙයක් දැන් වත් උන් මොනවා හරි ඉගෙන ගයි කියලා මම කිවා. අද පොහොට්ටුවේ ඉන්න අයියලා ඔය වාගේ අය තමයි ඉන්නේ ඒ අයටත් හිනා ගියා මම ඒ කතාව කියනකොට ඒ වාගේම තමයි දැන් විපක්ෂය කියා ගෙන යනවා කබිර්ට එන්න දෙන්න එපා කියලා.

එකට හේතුව මම දන්නේ නැහැ ඔවුන්ගෙන් මම අහන්න කැමැතියි ඔවුන්ට වඩා මම හොඳ බෞද්ධයෙක් කියලා එක මට සහතික කරලා කියන්න පුළුවන් මාගෙ ් දෙමාපියන්ගේ පුද්ගලික ධනයෙන් ගලිගමුවේ පන්සල් දෙකක් තියෙන්නේ මාගේ තාත්තාගේ ඉඩම් වල ඊට අමතරව පන්සල් වලට ඉඩම් පරිත්‍යාග කරලා තිඛෙනවා.අරණායක අස්මඩලේ පොදු සුසාන භූමිය තියෙන්නේ මාගේ තාත්තාගේ ඉඩම් වල ගලිගමුවේ මාධ්‍ය මහා විද්‍යාලය තියෙන්නේ මාගේ තාත්තාගේ ඉඩම් වල අපි ඒ විදිහට තමයි සිංහල ජනතාවට වැඩ කරලා තියෙන්නේ මාගේ ඇගේ ජාතිවාදය නැහැ ඒක මට තේරෙන්නේ නැහැ එක හරා හරා කිවත් මට එක දැනෙන්නේ නැහැ.

මම නියෝජනය කරන්නේ මාගේ දිස්ත්‍රික්කයේ ජනතාව ඔබතුමල්ලා ඒ නිසාම තමයි ඔබතුමල්ලා මාව තෝරලා ජන්දය ලබා දිලා ඇත්තේ මාගේ ජාතිය ආගම කුලය බලලා ජන්දය ලබා දුන්නේ නැහැනේ මේ යකාට වැඩ කරන්න පුළුවන්ද පුළුවන් නිසා දුන්නා.මම වැඩ කරන්නේ නැති දවසට මාව පන්නා දමන්න. මම හිස නමලා ගෙදර යන්නඔනෑ මම ඔබගේ මහජන සේවකයා මම සේවය කරන්න පුළුවන් තාක් කල් වැඩ කරනතරම් තමයි මට ජන්දය දෙන්න ඔනෑ. මම ෆෙල් කරපු දවසට මාව ගෙදර යවන්න ඔනෑ.

මේ අවුරුදු හතරේ පැය 24 මම කැපවේලා තියෙනවා කෑගල්ල දිස්ත්‍රීකයේ ජනතාවට ජාති භේද ආගම් භේද මම බලලා නැහැ. මේ ආසනයේ පන්සල් 76 කට මම සල්ලි දාලා තියෙනවා. ජාතික වෙසක් උත්සවය කෑගල්ලට ගෙනාවේ මම වට්ටාරම පන්සලට කෝටි ගාණක මුදල් වියදම් කලේ මම මේ දිස්ත්‍රීක්කයේ සෑම පිරිවෙන් විහාරස්ථානයකටම මුදල් වෙන් කරලා දුන්නේ මම ඊළගට මාගේ අමාත්‍යංශයෙන් දිලා තිඛෙනවා සෑම වෙහෙර විහාරස්ථානයකටම ප්‍රවේශ මාර්ග වලට මුදල් වෙන් කර දෙන්න කියලා. එක අපේ දිස්ත්‍රික්කයෙත් දෙනවා. මාව එක්සත් ජාතික පක්ෂයේ සභාපති ලෙස තෝරා ගත්තේ මාගේ පාට කුලය බලා නොවෙයි. ජාතිය බලලා නොවෙයි. එක තමයි යු.ඇන්.පි කියලා කියන්නේ. දැන් මේ බොම්බ ප්‍රහාරය සිදු කලා මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදය ඔය සහරාගෙ ් කල්ලිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *