ඇතුල්වීම තහනම් මිනුවන්ගොඩ නගරසභාව සතු දෙපළකි නගරාධිපති // ව්‍යාපාරිකයන් කබලෙන් ලිපට

බැනර් ප්‍රදර්ශනය කිරීමට උත්සහ කිරීමේදී උණුසුම් තත්වයක්

මිනුවන්ගොඩ නගර සභාව මේ කරලා තියෙන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇනපු වැඩක් මේ වෙසක් පෝය දවසේ කල යුතු වැඩක්ද අද නගර සභාව නිවාඩු දිනයක් රාජකාරී දවසක් නොවෙයි එහෙම වෙලත් මේ සේවකයන් යොදවලා ගිනිගෙන විනාශවූ කඩවල ඇතුල්වීම තහනම් නගරසභාව සතු දෙපළකි කියලා බෝඩ් ගසන්නේ මේවා මිනිසුන්ගේ වැඩ නොවෙයි මේ මිනිස්සු හොදටම අසරණ වෙලා ඉන්න වෙලාවක මේ කරන දේ හරිද??

කවුරුත් එකතුවෙලා ඔවුන්ට සහය දීලා ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් මෙහි හදන එකයි යුතුකම නගර සභාවේ සභාපති ඒවා නොකර මේකරන දේවල් වලින් පෙන්නේ ඔහු නගරාධිපති වරයෙකුට ඔබින කෙනෙක් නොවෙයි කියලා මිනුවන්ගොඩ නගරයේ පසුගියදා විනාශයට පත් ව්‍යාපාරික ස්ථානවල හිමිකරුවන් කිහිප දෙනෙකු මෙම අදහස් පලකරන ලදී.

මිනුවන්ගොඩ නගර සභාවේ සේවකයින් කිහිප දෙනෙකු ඊයේ සවස නගරයේ විනාශයට පත් ව්‍යාපාරික ස්ථානවෙත පැමිණ නගර සභාවේ නිවේදනය ඇතුලත් බැනර් ප්‍රදර්ශනය කිරීමට උත්සහ කිරීමේදී උණුසුම් තත්වයක් ඇතිවන ලදී.අදාල බැනරය ප්‍රදර්ශනය කිරීම නොකරන ලෙසත් තමන්ගේ ව්‍යාපාර ආරම්බ කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරදෙන ලෙසත් ඉල්ලමින් විරෝධය දක්වන ලදී මෙහිදී දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගත් අතර පොලීසිය පැමිණ තත්වය පාලනය කරන ලදී.

මිනුවන්ගොඩ නගරාධිපති වරයා අදහස් පළකරමින් සදහන් කලේ මෙම ස්ථානය නගර සභාව සතු දේපලක් මේක එක එක් කෙනාට ඕන විදියට තීන්දු ගන්න පුළුවන් තැනක් නොවෙයි මේක සිංහල බෞධයන් බහුතරයක් සිටින නගර සභාවක් එතකොට මම තීරණ ගන්නේ සියලු දෙනාගේ හිතසුව පිණිසයි. මේ නගරය ක්‍රමානුකුලව ගොඩනගන්න අවශයි දැන් ඔය ගින්න ඇතිවෙලා තියෙන තැන කිසිම ගොඩනැගිල්ලක් නැහැ එහෙම තැනක කොහොමද ව්‍යාපාර ආරම්බ කරන්නේ තවම පරීක්ෂණ අවසන් නැහැ රස පරීක්ෂක වර්තාවත් තවම අධිකරණයට ලැබිලා නැහැ එහෙම තියෙද්දී කොහොමද මම තනි තීරණයකට වැඩ කරන්නේ මේසියල්ල නිරාකරණය වෙනකම් මම ව්‍යාපාරිකයන්ට මෙහි ව්‍යාපාර ආරම්බ නොකරන ලෙස දැනුම් දුන්නා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *