‘මීළගට පිහිටුවන ආණ්ඩුවකට රිෂාඩ් ගන්නේ නැහැ’ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියයි

බදියුදීන් වැනි අන්තවාදී පිරිස් නව ආණ්ඩුවට එක් කර නොගන්නා බව

මීලගට තමන් විසින් පිහිටුවන මීලග ආණ්ඩුවකට රිෂාඩ් බදියුදීන් වැනි මුස්ලිම් අන්තවාදී පුද්ගලය් එක් කර ගන්නේ නැති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සදහන් කර ඇති බවට වාර්තාවෙයි මේ බව සදහන් කර ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී මන්ත‍්‍රී වරුන් කිහිප දෙනෙකුම නැවත හදන ආණ්ඩුවක් මුස්ලිම් අන්තවාදය වපුරන රිෂාඩ් වැනි පුද්ගලයන් සම්බන්ධ කරගන්නවාද යන්න සම්බන්ධයෙන් විමසීම් කල අවස්ථාවේදීය.

ගාලු දිස්ත්‍රික් පර්ලිමෙන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ විසින් කරන ලද ඉල්ලීමක් අනුව අදාල කාරණය සම්බන්ධයෙන් මතුකරන ලද ප්‍රශ්නයේදී මන්ත‍්‍රීවරයා පවසා ඇත්තේ බදියුදීන් වැනි අන්තවාදී පිරිස් නව ආණ්ඩුවට එක් කර නොගන්නා බවට ප‍්‍රකාශයක් කලහොත් වඩාත් සුදුසු බවත් එය මීලග මැතිවරණයකදී තම පාර්ශවයට වාසිදායක බවද පෙන්වා දෙන ලදී ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත්තේ පැහැදිලිවම බදියුදීන් වැනි අන්තවාදීන් තම ආණ්ඩුවකට එක් කර නොගන්නා බවත් හැකි ඉක්මනින් ඇමති බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගය අත්සන් කර බාර දෙන ලෙසත්ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *