‘මිනුවන්ගොඩ නගරයේ එදත් අදත් අපි ඉන්නවා’ ප්‍රහාරයට පැමිණියේ කවුදැයි ජනතාව දන්නවා!!

මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා අදහස් පළකරන ලදී

මිනුවන්ගොඩ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වලට 5/13 වන දින එල්ල වූ ප්‍රහාරයට තමන් සම්බන්ධ වූ බවට එක්තරා මාධ්‍ය ආයතනයක පැවති වැඩසටහනක දී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සදහන් කල බවත් මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති වරයා ඇතුළු කණ්ඩායමක් කරනු ලැබූ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම සදහා මෙම මාධ්‍ය හමුව කැදවූ බව අද දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා අදහස් පළකරන ලදී .  තව දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වරයා කියා සිටියේ.

මෙම ප්‍රහාරයට සම්බන්ධ පිරිස් අපි හදුනා ගත්තා අවශ්‍යනම් අපි ආරක්ෂක අංශවලට උදවු කරන්න තොරතුරු දෙන්න කැමතියි එදා සිද්ධියේදී තමන් එම ස්ථානයට ගියේ තම කාර්යාලය නගරය තුල තිබෙන නිසා මම එම සිධිය ඇසු සැනින් එතනට ගියා පළමු ප්‍රහාරය එල්ල කලේ මේ ස්ථානයේ සිටින සින්තාස් මහත්තයාගේ ව්‍යාපාරික ස්ථානයට ඔහු මගේ හොද මිත්‍රයෙක් මම මිනුවන්ගොඩ නගරයේ හැදී වැඩුණු කෙනෙක් මට අයිතියක් තියෙනවා එම ස්ථානයට යන්න එම ගමන ගැන තමයි මේ අය මට චෝදනා කරන්නේ.

එදා පසුදා උදේ මම නගරයේ සංචාරය කරන කොට නගරාධිපති මුණ ගැහුණා මම කිව්වා ඔබ මේක සිදු වෙනකම් කොහෙද හිටියේ කියලා එයා නගරාධිපති එයා නගරයේ ගැටුමක් වෙනකොට හැංගෙන්න අවශ්‍ය නැහැ මිනුවන්ගොඩ නගර සභාව මෙම සිද්ධියේදී තම කාර්ය ඉටුකිරීමට අපොහොසත් වුණා එතනදී රජමහ විහාරයේ ස්වාමීන් වහන්සේ එම සිද්ධිය මැදිහත් වෙලා නගරාධිපතිව ආරක්ෂා කරන්න ඉදිරිපත්වුනා එතනදී ඇතිවුණු බහි බස් වීම මධ්‍යයේ ගියා මම ගැටුමක් ඇති කරගත් බවට.හැබැයි නගරයේ ජනතාව සත්‍ය දන්නවා.

මට චෝදනා කරන අය අතර නගරයේ මුස්ලිම් සිංහල ව්‍යාපාරිකයන් නැහැ ඔවුන්ට නැති හැගීම මේ කොහෙවත් යන අයට ඇතිවන්නේ කොහොමද අපේ ගිණුමට මේවා දාන්නේ කොහොම ද මේවා කුමන්ත්‍රණ රජය සිදුකලා කියන පැත්තට මේක දමන්න හදනවා අයි විපක්ෂය නියෝජනය කරන මදු මාධව අරවින්ද මිනුවන්ගොඩ මේ වෙලාවේ හිටියේ ඇයි කියලා අහන්න බැරි ඔහු කියපු දේ තමයි වාහන තද බදය නිසා මොකද්ද වෙන්නේ කියලා බැස්සා කියලා කියනවා මාධ්‍ය මදු මාධව අරවින්ද මිනුවන්ගොඩ නොවන පුද්ගලයෙකු වශයෙන් එහි රැදී සිටීම සම්බන්ධයෙන් කථා නොකර නගරයේ ඉපදිච්ච නගරයේ ජීවත්වූ එඩ්වඩ් ගුණසේකර එම ස්ථානයට ගිය එකගැන කතා කරන්නේ අපි දන්නවා මේවා කරන දේශපාලන කුහකයන්ගේ අරමුණ ඒ වාට අපි සැලෙනේ නැහැ වැටෙන්නේ නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *