මිනුවන්ගොඩ ගැටුමට පැමිණි කණ්ඩායමේ අරමුණු ඉටුවුණා ද? // ගැටුමට පසු නීතිය ලුහු බදී

නීතිය අතට ගැනීමෙන් සිදුවන්නේ මහා විනාශයක් බව

මීගමුවේ ඇතිවූ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනයා වෙත දැඩි ප්‍රචණ්ඩත්වය මුදාහැරීම නොකළ ජනතාව හලාවත සහ විශේෂයෙන් වයඹ සහ මිනුවන්ගොඩ අවිලුනේ කෙසේද ???? ප්‍රශ්නයට උත්තරය දිගය වංගු සහිතය කථාව මෙසේය මුලින්ම පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකල දින මීගමුවේ ජනතාව කුපිත වීමට අවස්ථාව තිබුණි. එහෙත් රටේම ජනතාව කිසියම් තැති ගැනීමට ලක්වීම සහ තම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මරණයට පත්වීම සහ තුවාල ලැබීම එක කාරණයකි.

එමෙන්ම ක්‍රිස්තියානි ජනතාව දැඩි ලෙස ආදරය කරන කාදිනල් හිමියන් ඇතුළු කතෝලික පියතුමන්ලාගේ සැමට ප්‍රේමකිරීම ගුණය එම දිනවල ප්‍රගුණ කිරීම තවත් පැත්තකින් මීගමුවේ සියලු පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින් විශේෂයෙන් පොදුජන පෙරමුණ නියෝජනය කරන නිමල් ලාන්සා දයාන් ලාන්සා ,එජාපය නියෝජනය කරන රොයිස් විජිත ප්‍රනාන්දු සහ කාවින්ද ජයවර්ධන මුස්ලිම් ප්‍රජාව සමග විශාල දේශපාලන හදකමක් තිබීම සහ මීගමුවේ පොදු ජනතාව නිරන්තරයෙන් එදීනෙදා මුස්ලිම් ප්‍රජාව සමග ගනුදෙනු කිරීම සහ දශක ගණනක සිට ඇති මිත්‍රත්වය නිසා මීගමුවේ සිදුවන්නට ගිය මහා විනාශය නැවතුණි ඉහත එකදු කරුණක් හෝ පරහට ගියේනම් මීගමුවේ ගින්න තවමත් දැල්වෙනු ඇත.

පෝරුතොට ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය එහි උච්චම අවස්ථාවේ ඇතිවූ සිද්ධියකි එය නිවී ගියේ ඉහත කරනා නැවත කරලියට මතුවීමෙනි එසේනම් අයි රට මැද මුස්ලිම්වරුන් වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වුයේ කෙසේද ?? එම බලවේග පස්කුදින ප්‍රහාරයෙන් සති තුනකට පසු ඇතිවන තත්වයක් නිර්මාණය වුයේ කෙසේ ද සරලය එනම් අන්තවාදී මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ට නිදහස් සමාජයේ ඕනෑතරම් ඉඩකට විවර වීම හා මුස්ලිම්වරුන්ට එල්ල වූ ප්‍රහාරය එක සමානය බෝම්බ කරුවන්ට තිබුණු එකම ඉලක්කය ජනතාව ඉලක්ක කර බෝම්බය පුපුරුවා ගැනීමය රටේ ගම ඇතුලේ බහුතර පිරිසකගේ හිතේ තිබුණේ මෙම ප්‍රහාරයට සමස්ථ මුස්ලිම් ජනතාව සම්බන්ධ යන හැගීමය එය දිනෙන් දින දළුලා වැඩෙමින් තිබුණි එම වෛරය මුස්ලිම්වරුන්ට පහරදීම දක්වා රැගෙන යාමට විශාල නායකත්වයක් අවශ්‍යව නොතිබුණි. ඒ සදහා උත්තේජනය මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා ඕනෑවටත් වඩා ලැබී තිබුණි. දැනුද බොහොමයක් මාධ්‍ය හරහා සිදුවන්නේ එයම තවදුරටත් සමජයේ වගවීම වගකීම අමතක කර තිබීමය

කවුරුන්හෝ “ග” යන්න කියන අකුරෙන් කථා කලේද ඒවටා රෝදබදින තත්වයක් නිර්මාණය වී තිබුණි මුස්ලිම් ගම් රැසකට එපිට පිරිස් අදාල පහරදීම සදහා යොමුවන්නේ ඔවුන් නිතර මුස්ලිම් සමාජය සමග ගනුදෙනු නොකිරීම ඔවුනොවුන් අතර කිසිම සම්බන්ධයක් නොපැවතීම යන කරුණු සහ තවත් කිව නොහැකි කරුණු රැසක් අන්තර් ගතවීම නිසාය උදාහරණය ලෙස මිනුවන්ගොඩ නගරයේ මුස්ලිම් ව්‍යාපාර වෙත එල්ල කරන ලද ප්‍රහාරය සදහා නගරයේ දහස් ගණනක් ජනතාව අතරින් ඉතා ස්වල්ප කිහිප දෙනෙකුගේ උදවු හිමිවන්නට ඇත. එය සත්‍යක් බව මුස්ලිම් ප්‍රජාව දක්වන අදහසින් ගම්‍ය වෙති එසේ පහරදීමට පැමිණි බහුතරය දේපල මංකොල්ල කෑමට පැමිණියේ නැත ඒ සදහා යොමුවූයේ අතලොස්සක අවස්ථාවාදීන් පමණි.

ඔවුන්ගේ අදහසවී තිබුණේ ප්‍රහාරයක් එල්ල කිරීම පමණි ඇසින් දුටු සාක්ෂි කරුවෙකු සදහන් කලේ ගල් ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ එකෙකු තවකෙකුගෙන් උබලා කොහේද යන්න බවය එනම් ඔවුනොවුන් කණ්ඩායම් දන්නා හදුනන පිරිස් නොවෙති. ඇතමුන් මෙම පිරිස් ත්‍රස්තවාදීන් වශයෙන් හදුන්වති නැත හය හතර නොතේරන අරගලයකට කිසිදා නොගිය මොවුන් ලද පළමු අවස්ථාවේදීම ත්‍රස්තයන් ලෙස අර්ථ දැක්වීම නොකලයුතුය එම පහරදීමෙන් පසු ඔවුන් ලත් ජයග්‍රහණයක් තිබේද නැත තාවකාලික ආශාවක් වෙනුවෙන් සිද්ධියකට මැදිහත් වීමක් පමණි.ඇගේ නැත්නම් බාහුවේ ශක්තියෙන් ජයග්‍රාහකයා තේරුවේ මීට ශතවර්ෂ කිහිපයකට ඉහතය මුළු මහත් ලෝකයම අද ආක්‍රමණය කර තිබෙන්නේ බාහු බලයෙන් නොව මනසේ බලයෙනි ඒ තීක්ෂණ සිතීමේ ශක්තිය පැමිණි පිරිසට ලබාදීම සමාජයේ වගකීමකි එසේ නොවන්නට ඔවුන් නැවත මෙවැනි ප්‍රවනතාවයන් වෙත තල්ලු වීමේ අවධානම වැඩිය.

නීතිය අතට ගැනීමෙන් සිදුවන්නේ මහා විනාශයක් බව මෙරට මෙන්ම ලෝකයේ ඕනෑ තරම් උපහැරණ ඇත 1971 දී සහ 88/89 යුග වලදී නීතිය අතට ගැනීමේ ප්‍රතිපල අපි තවමත් බොක්තිවිදින ජාතියක් බවට පත්ව ඇත ඒ පැමිණි බොහෝ පිරිස් දැන් නවීන තාක්ෂණික උපකරණ මගින් හදුනාගෙන අත්අඩංගුවට පත්වෙමින් ඇත බොහෝ පිරිසක් නිරන්තරයෙන් අපටද කථාකර අත්අඩංගුවට පත්වන පිරිසට අත්වන ඉරණම සම්බන්ධයෙන් විසීම් කරති ඒ පොලීසිය විසින් මෙම සිදුවීම් ජලය හරහා ගෙනෙන ලද නව නීති රීති මත අදාල සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම නිසාය.

දැනට 40 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර කිරීම හරහා කියවෙන්නේ පොලීසිය මිනුවන්ගොඩ නගරයේ cctv පද්ධතියම පුර්ණ පරීක්ෂාවකට ලක්කරමින් ඇති බවයි.මිනුවන්ගොඩ අධිකරණ භූමියේ පසුගිය දින දෙක පුරා සැකකරුවන්ගේ දෙමවු පියන් හිතවතුන් බිරින්දෑ වරුන් කියන කථා දුක්බරය ඒ අත්අඩංගුවට පත්වසිටින යට නව නීතිය යටතේ සිදුවන අපහසු තාවය ඔවුන්ට හොදින් තේරුම් ගොස් ඇත දැන් එම පිරිස බේරාගන්නට තම සමීපතමයන් හැරෙන්නට කිසිවෙකු නොමැත. එම නිසා ඉදිරියේදී තවත් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් කටයුතු සිදුකරනු ඇත එවිට කිව යුත්තේ දරුවනේ අරගලය පොදු විය හැක එහෙත් දඩුවම පුද්ගලික බව කියා පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *