මිනුවන්ගොඩ ගැටුම ජාතිවාදී ප්‍රහාරයක් ද? අවස්ථාවාදී ප්‍රහාරයක් ද? සම්පූර්ණ කථාව…..

කිසිවෙකු නොසිතු මොහොතක කිසිවෙකුට පාලනය කිරීමට නොහැකි මොහොතක

මිනුවන්ගොඩ මොකද වුණේ…… මෙරට දේශපාලනයේ සහ සමාජයේ හැසිරීම් වල උච්චතම අවස්ථාව වශයෙන් ගැටුම් ඇතිවීම මීට දශක තුන හතරක සිට දක්නට ලැබෙන ප්‍රවනතාවයකි 1983 කළු ජූලියේ මතකයන් තවමත් අපේ පැරැන්නන්ගේ සිතෙහි ඇත එය එතරම් කුරිරු මෙන්ම සහාසික ව්‍ය්වසනයකි ඊයේ දිනයේ මිනුවන්ගොඩ නගරය මුල්කරගනිමින් ඇතිවූ සිද්ධියද අතිශය කුරිරු සහ අමානුෂික ක්‍රියාවකි.

එසේනම් මෙම ප්‍රහාරය ප්‍රබල වුයේ ඇයි පසුගිය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට සමාජය ත්‍රස්තවදෙයෙන් සිත් යලිත් කැළඹීම මත රට පුරා සමස්ථ මුස්ලිම් විරෝධයක් සමාජයේ ඇතිවන ලදී විශේෂයෙන් මුස්ලිම් පල්ලි කිහිපයකින් කඩු කිණිසි ඇතුළු ආයුධ හමුවීම නිසා සමස්ථ සමජයේ මුස්ලිම් විරෝධය තිවුර වන ලදී ඇතැම් මුස්ලිම් දේශපාලකයන් ඒ සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශ සමජයේ දැඩි කථා බහට ලක්වීමත් නව යෞවනයේ පිරිස් සහ තරුණ පිරිස් මේ තත්වය හමුවේ හැසිරුණු ආකාරය මත මේ ගැටුමට සිදුකල ආරාධනාව හිස් මුදුනින් පිළිගැනීමක් විය.

මේ තත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ සහ ආගමික නායකයන් එකතුව මුල් අවස්ථාවේ මැදිහත් වූවානම් මිනුවන්ගොඩ සිද්ධිය ඇති නොවීමට ඉඩ තිබුණි. පැමිණි පිරිසෙන් පිරිසක් පහර දීම පමණක් අරමුණ වුවද අතම කණ්ඩායම් පැමිණ තිබුණේ දේපළ සහ තවත් ලාබ ප්‍රයෝජන ලබාගැනීම සදහාය මිනුවන්ගොඩ නගරයේ මත්පැන් අලවිසල කැඩීම සහ ඇතැම් ව්‍යාපාරික ස්ථානවල මුදල සහ දේපල සොරකම් කිරීම් එයට හොදම නිදසුන වන ලදී මෙම ගැටුමෙන් මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන මෙන්ම සිංහල ව්‍යාපාරික ස්ථාන රැසක් ද හානියට පත්වීම මත නගරයේ පොදුවේ සියළු ව්‍යාපාරික ස්ථාන වලට සිදුවූ අලාබයක් විය.ඒ නිසා මෙම ප්‍රහාරය ජාතිවාදී ප්‍රහාරයක් නොව අවස්ථාවාදී ප්‍රහාරයක් වශයෙන් අර්ථ දැක්විය හැකිය

කිසිවෙකු නොසිතු මොහොතක කිසිවෙකුට පාලනය කිරීමට නොහැකි මොහොතක සිදුවූ මහා විනාශය මිනුවන්ගොඩින් නතර කිරීමට හැකිනම් අපි ජාතියක් වශයෙන් දිනුම්ය නැතිනම් තවත් කළු ජූලියක් නිර්මාණය වීම වැළකිය නොහැකිය එසේනම් කල යුත්තේ කුමක් ද වැඩිහිටි පිරිස් අපේ සමාජයේ තරුණයන් ගමේ තරුණයන් පාලනය කර ගැනීම අනිවාර්ය කටයුත්තකි ඔවුන්ට මෙහි බරපතල කම සහ අදීනව පහදා දැන් සන්සුන් වීමේ අවශ්‍යතාවය පහදා දීමය

ඊයේ සවස 6.00 පමණ නාදුනන යතුරුපැදි වලින් පැමිණි පිරිසක් නගරයේ කටුනායක ගුවන් තොටුපල වෙත ප්‍රවේශවන මාර්ගයේ ඇති අහාර අලවි සැලට පැමිණි පිරිස මුලින්ම පහර දෙන ලදී .

එම පහරදීම අවස්ථාවේ එම කඩය වටා විශාල පිරිසක් සිට ඇති අතර පසුව ඔවුන්ද පැමිණි පිරිසට සහය වීම නිසා අහාර අලවි සැල සම්පුර්ණයෙන්ම විනාශ කරන ලදී අනතුරුව පිරිස ක්‍රමයෙන් නගරයට ඇතුළු වන අතර එම අවස්ථාවේදී පුජ්‍ය පක්ෂය පැමිණ ගැටුම මැඩලීමට උත්සහ කලද පැමිණි පිරිස හැසිරීම තුලින් එය කිසි ලෙසකින්වත් පාලනය කිරීමට නොහැකි නිසා පුජ්‍ය පක්ෂය එම ස්ථානයෙන් ඉවත්වීමත් සමග පැමිණි පිරිසගේ ප්‍රහාරයන් තවත් දැඩි කරන ලදී අනතුරුව පොලීසිය සහ ගුවන් හමුදාව මුල් අවස්ථාවේ පාලනය කිරීමට උත්සුක උවද එය පල රහිත වන ලදී අනතුරුව යුධ හමුදාවේ විශේෂ කණ්ඩායම් කිහිපයක් පැමිණ පිරිස නගරයෙන් එපිටට එලවා තත්වය සම්පුර්ණයෙන් පාලනය කිරීමට කටයුතු කරන ලදී.

මේ අවස්ථාව නගරයේ එක් වෙළද සැලක පමණක් ගින්න ඇතිව තිබූ අතර සිද්ධිය සිදුව පැය කිහිපයක් යනතුරු ගිනි නිවන ඒකක පැමිණීමට නොහැකි වීම නිසා ගින්න නගරය පුරා වෙළද සල් වෙත පැතිර යන ලදී වතුර බාල්දි කිහිපයකින් නිවා දැමීමට තිබූ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේනම් මෙම ගින්න පැතිර යාම සිදු නොවන ලදී .මිනුවන්ගොඩ නගර සභාවේ වතුර බවුසරය කදී ඇති බව දැන්වුවද හමුදාව පැමිණ එම බවුසරය ලබාගෙන ජලය රැගෙන එන ලදී මිනුවන්ගොඩ නගර සභාව මෙම අපදා අවස්ථාවේ ක්‍රියාත්මක නොවූ බව මුස්ලිම් ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ නගරයේ පිහිටි සියළු මුස්ලිම් කඩ ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණි පිරිස නගරයෙන් 1 km පමණ ඇතින් තිබු මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයක්ද පරදී විනාශ කිරීම තුලින් ගම්‍ය වන්නේ පිටින් පැමිණි පිරිසක් ප්‍රහාරය ආරම්භ කලද මිනුවන්ගොඩ පිරිසකගේ සහ අදාල ප්‍රහාරය සදහා ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි මෙම සිදුවීම තුලින් නගරයේ වසර 40 පමණ කාලයක් තමන් තබාගත් විශ්වාශය කිහිප දෙනෙකුදේ අවස්ථාවාදී පිරිසකගේ ක්‍රියාවන් නිසා පලුදු වීම නිසා සිංහල මුස්ලිම් දෙපාර්ශවයක් නගරයේ කොටස් කිරීමට සිදුවීම කණගාටු දායක බව නගරයේ සියලු ව්‍යපරියන්ගේ අදහස වන ලදී

මෙම ගැටුමට පැමිණි බොහෝ පිරිස් නව යොවුන් විය ඉක්මවූ පිරිසක් බවට වාර්තාවෙයි මේ සදහා මිනුවන්ගොඩ අවට ගම් වලින් පිරිස පැමිණි බව තොරතුරු වාර්තාවන අතර මේ පිටුපස අදිසි බලවේගයක් ක්‍රියාත්මකවී ඇත ඊයේ ඇතිවූ ගින්න සම්පුර්ණයෙන් මැඩපැවැත්වීම අද උදැසන සිදුකරන අතර ඒ සදහා අවට ප්‍රදේශවල ගිනි නිවන කණ්ඩායම් කිහිපයක්ද පැමිණ සිටින ලදී ඊයේ සිද්ධිය වූ අවස්ථාවේ සිට අද උදැසන දක්වා මිනුවන්ගොඩ නගරය පුරාම විශේෂ ආරක්ෂක විදිවිධාන තරකිරීමට බස්නාහිර උතුර භාර නියෝජය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කටයුතු කරන ලදී අද උදැසන මිනුවන්ගොඩ නගරයට පක්ෂ විපක්ෂ දේශපාල අධිකාරිය පැමිණීමත් සමග දෙපාර්ශවය එකිනෙකාට ඇගිලි දිගු කරමින් චෝදනා කරන ලදී කෙසේ වෙතත් උදැසන පැමිණි විශේෂ පොලිස් කණ්ඩායම් නගරය පුරා සිදුව ඇති තත්වය cctv දර්ශන උපයෝගී කරගනිමින් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

රාජ්‍ය නිලධාරීන් පැමිණ සිදුව ඇති දේපල අලාභය නිශ්චිතව සදහන් කිරීමට නොහැකි බව අදාල නිළධාරීන සදහන් කරන ලදී .යුධ හමුදාවට අමතරව කොමාන්ඩෝ බලකායේ විශේෂ ඒකකය කැදවා තිබූ අතර යුධ හමුදා සන්නද්ධ රථ ගණනාවක් මේ සදහා යොදවා තිබුණි අත්අඩංගුවට ගත්පිරිස මිනුවන්ගොඩ නගරය ආසන්නයේ රැදී සිටි පිරිස් වන අතර ඔවුන් මේ සදහා සෘජුව සම්බන්ධ වූ සැබෑ පිරිසද යන්න ගැටළු සහගතය ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අද දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී මුල් අවස්ථාවේ සැකකරුවන් නමදෙනෙකු සහ පසුව තවත් සැකකරුවන් හතර දෙනෙකු වශයෙන් 14 දෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී .

ඔවුන් සියලු දෙන 5/29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කරන ලදී .අත්අඩංගුවට ගත පිරිස නව නීති රෙගුලාසි යටතේ අධිකරණයට ඉදිරිපත් කල බව පොලීසියේ උසස් නිලධාරියෙකු සදහන් කරන ලදී .පිරිස අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ අවට ප්‍රදේශවලින් පිරිස් මිනුවන්ගොඩ නගරය දෙසට පැමිණීමට උත්සහ කිරීම නිසා යලි උණුසුම් තත්වයක් ඇතිවන ලදී පොලීසිය සහ යුධ හමුදාව තත්වය සාර්ථකව පාලනය කිරීමෙන් පසු අධිකරණ කටයුතු සහ සැකකරුවන් බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්න ලදී.

මේවන විට මිනුවන්ගොඩ නගරයේ සහ අවට ප්‍රදේශවල තත්වය යහපත් වෙමින් ඇති අතර සාමය කඩවීමේ කිසිදු කටයුත්තක් අද දිනය තුල සිදු නොවන ලදී බස්නාහිර උතුර භාර ජේෂ්ඨ නියෝජය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *