නැවත දැනුම් දෙන තුරු වයඹට ඇඳිරි නීතිය


නැවත දැනුම් දෙන තුරු වයඹට ඇඳිරි නීතිය

වයඹ පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නිතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ නැවත දැනුම් දෙන තුරු එම පළාතට ඇඳිරි නිතිය බල පැවැත්වෙන බවයි.

කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසුරිය, හෙට්ටිපොළ, කොබෙයිගනේ සහ රස්නායකපුර යන පොලිස් බල ප්‍රදේශවලට අද(13) පස්වරුවේ සිට පොලිස් ඇඳිරී නිතිය පැනවීමට තිරණය කර තිබුණි.

අනතුරුව වයඹ පලාතටම බල පැවැත්වෙන පරිදි ඇදිරි නිතීය පැන වීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ, ඊයේ(12) දිනයේ දී කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් 3කට පහර දුන් බවක් වාර්තා වු බවයි.

එහිදී ගල් ආදිය භාවිතා කරමින් මෙම පහර දීම් සිදු කර ඇති බවත්, අද දිනයේ දීත් කුලියාපිටිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල වෙළඳසැල් කීපයකට ගල්වලින් පහර දී අලාභානි කිරීමේ සිදුවීම් කීපයක් වාර්තා වු බවයි.

ඒ අනුව පොලිස් වසම් 6කට පොලිස් ඇඳිරි නීතිය පැනවු බවත් මෙම වෙළඳ සැල්වලට මෙවැනි පහර දීම් පාලනය කිරීම සඳහා මේ වන විට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතටම ඇඳිරි නීතිය පැනවු බව ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උපුටා ගැනිම–අද දෙරණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *