බුද්ධි අංශ සහ හාමුදුරුවෝ හිරේ දැම්මා!! ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නැහැ

අවි ගබඩාව පිපිරෙව්වා අවි ආයුධ මුහුදේ ගිල්ලුවා ඔන්න මේ ආණ්ඩුව කරපු දේවල්

තිස් අවුරුදු යුද්ධයෙන් පස්සේ සාමකාමීව ඉදිරියට ගිය රට සම්පුර්ණයෙන්ම නැතිකරන්න කටයුතු කලේ රිෂාඩ් බදුර්දීන් ,අසාද් සාලි ,මුජිබිකර් රහුමාන් යන තිදෙනා තමයි මෙරටේ අන්තවාදී යුද්ධය ඇතිකරන්න කටයුතු කලේ එහෙම කරපු අයට දඩුවම් දෙන්න මේ රජය ඉදිරිපත් වෙන්නේ නැහැ අපි ජනාධිපති තුමාගෙන් ඉල්ලනවා සාධාරණ පරීක්ෂණයක් කරලා මේ අයට නිසි දඩුවම ලබාදෙන්න කියලා අගමැතිවරයා ගැන අපිට කිසිම විශ්වාශයක් නැහැ යුද හමුදාපති තුමාට කියනවා ඔබතුමා නිර්බීතව තීන්දු ගන්න මුළු රටම ඔබතුමා සමග ඉන්නවා .

බුද්ධි අංශ හිරේ දැම්මා හාමුදුරුවෝ හිරේ දැම්මා මේ ආණ්ඩුව ජනාතව ගැන හිතන ආණ්ඩුවක් නොවෙයි.ශාලාව අවි ගබඩාව පිපිරෙව්වා අවි ආයුධ මුහුදේ ගිල්ලුවා ඔන්න මේ ආණ්ඩුව කරපු දේවල් දැන් සංචාරක කර්මාන්තයට පහර වැදිලා පාසල් ටික වැහිලා දරුවෝ ගෙදර මොකද්ද මේ රටට වෙලා තියෙන්න පල්ලි තියෙන්න කඩු හදන්නද බෝම්බ හදන්න ද මේ හැම පල්ලියක්ම පරීක්ෂා කරන්න.

දේශපාලකයන්ගේ දරුවෝ රට යවනවා මෙහෙ දේශපාලනය කරන අය හම්බුකරලා ළමයින්ට ඒ සල්ලි යවනවා ඉගෙනගන්න සහ ජීවත් වෙන්න ජාතික ආරක්ෂාවවත් රැකගන්න බැරි ආණ්ඩුව ගෙදර යන්න කියලා කියන්න කැමතියි සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති ලලිත් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවේදී මෙම අදහස් පලකරන ලදී. මෙම අවස්ථාවට එම ව්‍යාපාරයේ ජාතික සංවිධායක මහලේකම් ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවේදී අදහස් පලකරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *