නීතිය සාමය ඇමතිකම නොදුන්නේ ජනපති අත්අඩංගුවට ගනීවී කියලා // සරත් ෆොන්සේකා මහතා පවසයි.

වෙනත් කිසිදු කැබිනට් අමාත්‍ය දුරයක් හෝ උපදේශක තනතුරක් භාරනොගන්නා බව

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු සිවිල් සමජයේ පක්ෂ විපක්ෂ විශාල පිරිසක් මේ අර්බුධකාරී අවස්ථාවේ නීතිය හා සාමය අමාත්‍යංශය මට භාරදෙන්න කියලා දැඩි ඉල්ලීමක් තිබුණා මේ සම්බන්ධයෙන් එජාපයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් පසුගියදා ජනපති හමුවෙලා මේ ඉල්ලීම කර තිබුනා.

එතකොට එයා කියල තියෙන්නේ මහා පුදුම කථාවක් නීතිය සාමය ඇමතිකම මට දුන්නොත් ඉස්සෙල්ලම අත්අඩංගුවට ගන්නේ එයා කියලා නීතිය හා සාමය ඇමතිකම නැතුව වෙනත් කැබිනට් ඇමතිකමක් සහ ආරක්ෂක කවුන්සිලයේ උපදේශක ධුරයක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

නමුත් එය තමන් විසින් ප්‍රතික්ෂේප කළ බවද ෆොන්සේකා මහතා සඳහන් කරයි.ටහමන් මේ මොහොතේ රටට අවශ්‍ය ඇමති දුරයක් හැර වෙනත් කිසිදු කැබිනට් අමාත්‍ය දුරයක් හෝ උපදේශක තනතුරක් භාරනොගන්නා බව කොළඹදී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.උපදේශක ධුරයක් කරන්නට ගියොත් සිදුවන්නේ තමනට කතා කිරීමට ඇති අයිතිය අහිමි වීම පමණක් බව පවසන ඔහු නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදුනහොත් පමණක් එය භාරගන්නා බවද සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *