පැල්වත්ත සිනි; සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියා පොලිස් ආරක්ෂාව මැද ඉවතට

පැල්වත්ත සිනි; සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියා පොලිස් ආරක්ෂාව මැද ඉවතට

බුත්තල, පැල්වත්ත සීනි සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියා මුස්ලිම් ජාතික සේවකයන් 13 දෙනකු සමග රහස් සාකච්ඡුාවක් කළැයි ඊට විරෝධය පළකරමින් එහි සේවකයෝ 3000 ක් පමණ ඊයේ (07 දා* ආයතනයේ ප‍්‍රධාන කාර්යාලය වටලා ඔහු වහා සේවයෙන් ඉවත් කරන ලෙසට උද්ඝෝෂණය කළහ. 04 පිටුවට

බුත්තල, පැල්වත්ත සීනි සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියා මුස්ලිම් ජාතික ඒ.එස්.ඞීන් නමැති අයෙකි.

ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීමට බුත්තල පොලිසියේ නිලධාරීන් උත්සාහ කළද එය ව්‍යර්ථ වීම නිසා තත්ත්වය මැඩපැවැත්වීමට යුද හමුදා නිලධාරීන් කැඳවීමට සිදුවිය.

පසුව පැල්වත්ත සීනි සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියා පොලිස් ආරක්ෂාව මැද කර්මාන්ත ශාලාවෙන් පිටතට ගෙන යෑමට පියවර ගෙන තිබිණි.

පසුව බුත්තල පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කුඹුක්කන යුද හමුදා කඳවුරේ නිලධාරීන් කළ සෝදිසි මෙහෙයුමකදී සීනි සමාගමට අයත් උක්වත්තක තිබී ප‍්‍රභූ ආරක්ෂක ඇඳුම් කට්ටල 5 ක්, වෝකි ටෝකි යන්ත‍්‍ර 5 ක්, චාජර් 5 ක්, රතු සර්ච් ලයිට් 2 ක් සහ අත්වැසුම් 2 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *