“රාවණා 1” ගුවනට ගෙනගිය තරිදු සොයා මොළගොඩ නිවසට

ප්‍රථම වරට ශ්‍රී ලාකීක නිර්මාණ කරුවන් කල රාවණා 1  චන්දිකාව

ජායාරූප හා සටහන කෑගල්ල සමන් විජය බණ්ඩාර

අභ්‍යාවකාශ ක්ෂේත්‍රයේ විවිධ පරික්ෂණ නව සොයා ගැනිම් සෑම තත්පරයකදිම ලෝකයේ කොතනක හෝ තරගකාරිත්වයෙන් සිදු වෙමින් පවති. එවැනි මොහොතක ශ්‍රි ලංකා නාමය අභ්‍යාවකාශ කටයුත්තක් වෙනුවෙන් මුල් වරට සිදු වන්නේ අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් එක් ජයග්‍රහයි සටහනක් තබමින්ය. මෙරට විශව විද්‍යාල අධ්‍යාපනය හදාරා ඉංජිනේරුවන් ලෙස විදෙස් ගත වි පසුගිය අප්‍රේල් 18 බ්‍රහස්පතින්දා වැනිදා රාවණා 1 ඝනක චන්දිකාවක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථීකව ලගා කරවන්නට ඔවුන් සමත් විය. දෙස් විදෙස් මාධ්‍ය හරහා මෙම පුවත දැන ගත් විගස එය බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වු ප්‍රධාන පුවතක් වු හෙයින් මෙහි නිර්මාණකරුවන් දෙදෙනා වන තරිඳු ලක්මාල් දයාරත්න සහ දුලානි චාමිකා යන යන දෙදෙනාගෙන් තරිඳු ලක්මාල් දයාරත්නගේ නිවස පිහිටා ඇති කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ සිට මිටර් 400 ක් පමණ ඇතුලතින් පිහිටා ඇති වාරාගොඩ, මොළගොඩ නිවස වෙත අප ගියාය.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාකීක නිර්මාණ කරුවන් කල රාවණා 1  චන්දිකාව රැගත් සිග්නස් රොකට්ටුව අප්‍රේල් 18 වැනි දින අභ්‍යාවකාශ ගත වුයේ ශ්‍රී ලංකා වේලාවෙන් එදින අලූයම 2.16 ටයි. එම අවස්ථාව ශ්‍රී ලාකීය නිර්මාණකරුවන් දෙදෙනා සජිවිව නරඹනු ලැබුවේ ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යාපන ආයතනයේ සිටයි. මෙහි සිදු වු තවත් සුවිශෙෂි සිදු විමක් වන්නේ තරිඳු ලක්මාල් දයාරත්න විසින් තමන් ඉගෙන ගත් පින්නවල ජාතික පාසල පි.සී.සී ලෙස ඉංග්‍රීසි අකුරෙන්ද පේරාදෙණිය විශව විද්‍යාලය යු.ඹ්.පි ලෙස සටහන් සිය චන්දිකාවේ මව්පුවරුවේ සටහන් කර තිබිමයි. අප්‍රේල් 19 වැනි දින 6.30 ට පමණ චන්දිකාව රැගත් සිග්නස් රෝකට්ටුව ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ලගා විය. එය තක්ෂගත වන්නේ ජුනි මාසයේ සිටයි. එය පෘථීවියේ සිට කිලෝමිටර් 400 ක් පමණ දුරක සිටය. මෙම චන්දිකාව තක්ෂගත විමෙන් පසුව දිනකට වට 15 ක් පෘථීවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය තත්පරයකට කිලෝමිටර් 7.6 කි. ප්‍රමාණයෙන් ඝන සෙන්ටි මිටර් 100 ක් වන මෙම චන්දිකාව බරින් කිලෝමිටර් 1.1 ක් ලෙස සඳහන්. රාවනා වන් කක්ෂගත කිරිමෙන් ශ්‍රී ලංකාවේ සහ ආසන්න කාලාපයේ ජායාරූප ගැනිම ඉදිරි චන්දිකා වලදි භාවිතායට ගැනිමට නියමිත ලෝරා මොඩියුල නම් දත්ත භාගත කිරිම චන්දිකා අත්හදා බැලිම් සිදු කිරිමට මෘදුකංගයක් අත්හදා බැලිම චන්දිකා සැලසුම් කිරිමේදි දැනට භාවිතා වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලිම කක්ෂගත කිරිමෙන් පසුව චන්දිකාව තාමා වටා කැරකෙන වේගය අඩු කිරිම පිළිබඳ අත්හදා බැලිම පෘථීවියේ චුම්බක ශක්තිය පිළිබඳ අධ්‍යනය කිරිම යනආදිය මෙ මගින් සාර්ථීක කර ගැනිමට උත්සාහ කරයි.

මෙම නිර්මාණය කරන ලද ශ්‍රී ලාකීය නිර්මාණකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වන තරිඳුගේ නිවසේ ජිවත් වන්නේ ඔහුගේ මව පමණි. තරිඳුට සහෝදර සහෝදරියන් නැති අතර පියා තරිඳු උසස් පෙළ ලියන්නට සිටියදි මාසයකට පමණ කලින් වකුගඩු රෝගි තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇත. මෙ හේතුවෙන් මව පමණක් නිවසේ තනිවම කාලය ගත කරන අතර ඇයගේ තනියට අසල්වාසි නැදෑයෝ මෙන්ම අසල්වැසියන් නිවස වෙත නිතර දෙවේලේ යෑම් එම් සිදු කරති. පියා මිය ගියද පියාගේ අයියලා සහ මල්ලිලා තිදෙනාගේම නිවෙස් පිහිටා ඇත්තේ එකම බිම් කඩක නිසා ඔවුන් නිතර දේවේලේ නිවසට පැමිණෙති. තරිඳුගේ පියාගේ මව තවමත් ජිවතුන් අතර සිටින හෙයින් ඇය තරිඳුගේ නිවසට නිතරම පැමිණ යයි.

කාලයකට පසුව ශ්‍රී ලංකා නාමය රන් අකුරෙන් ලෝකය හමුවේ ලියු මෙ දරුවාගේ දක්ෂතාය ගැන මව සිටින්නේ කියා ගන්නට බැරි සතුටකිනි. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවෙකු ලෙස තරිඳු සිය දක්ෂතා ලෝකය හමුවේ සනිටුවහන් කර අවසන් තරිඳු මව වන කේ. ශාන්තිට දැන් වයස අවුරුදු 56 කි. ඇයගේ සැමියා එම් දයාරත්න වන අතර ඔහු අවුරුදු 55 යේදි වකුගඩු රෝගි තත්වයක් හේතුවෙන් මිය ගොස් තිබුණි. ඔහු රියදුරෙකු ලෙස සේවය කර අතර ඔහු මාවනැල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික බස් රථයක සිය රියදුරු වෘත්තිය වසර ගණනාවක්ම සිදු කරන ලද අයෙකි.

තරිඳු පාසල් අධ්‍යාපනය හදාරා උසස් පෙළ අධ්‍යාපනයද සාර්ථීක ලෙස හදාරා විශ්ව විද්‍යාල අධයාපනය ලැබුවත් කිසි දිනක මව තනිවම තැබුවේ නැත. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකව නොසිට නිවසේ සිටම උදෑසන විශ්ව විද්‍යාලයට ගොස් සවස නැවත නිවසට එන්නේය. ගමක පිහිටි කුඩා නිවසක අග හිග මද්දයේ හැදි වැඩි උසස් අධ්‍යාපනය හදාරා ලෝකය ජය ගෙන ශ්‍රී ලංකා නාමය නැවත ලෝකයට හඩ නගා කියු තරිඳු පිළිබඳව ඇයගේ මව අපි සමග සතුටින් කතා කලේ ඇයගේ නෙතට උණන උණු කදුළු විටින් විට පිස දමා ගෙනයි.

මට අද ගොඩාක් සතුටුයි මාගේ පුතා එයාගේ තාත්තාට පුංචි දවස් වල කියනවා අභ්‍යාවකාශ තොරතුරු තියෙන පත්තර කැලි පෙන්වමින් තාත්තේ මම දවසක නාසා ආයතනයට යනවා කියලා තාත්තාට පත්තර වල තියෙන තරු රටා ග්‍රහලෝක ගැන අභ්‍යාවකාශ ගැන විස්තර කරනවා පුතාගේ තාත්තා ඒවා දන්නේ නැති වුනත් ඒවා අහගෙන ඉන්නවා පුතාගේ බලාපොරොත්තු ඉලක්ක වෙනුවෙන් තාත්තා හරි සතුටින් තමයි හිටියේ. මටත් වඩා එයා ලගින්ම ඇසුරු කලේ එයාගේ තාත්තා. හැම තර්කයක්ම කරන්නේ තාත්තා එක්ක. තාත්තා 8 වසරට තමයි ඒ කාලේ හැටියට ඉගෙන ගෙන තිබුණේ. නමුත් පුතාට හොඳට උගන්වන්න තාත්තා ගොඩාක් මහන්සි ගත්තා.

දැනට මිය ගොස් සිටින මාගේ ස්වාමියා වන දයාරත්න අපි විවාහ වෙන්නේ 1990 මැයි 25 වැනිදා විවාහය සිදු වුනේ ඔත්තුකරුවෙක් කතා කරපු යෝජනාවකට මාගේ ගෙවල් මිනුවන්ගොඩ මාගේ පවුලේ සහෝදර සහෝදරියන් 5 දෙනෙක් ඉන්නවා තාත්තා ව්‍යාපාර කටයුතු කර අතර මව ගෘහණියක්. ඒ දවස් වල සාමන්‍ය පෙළ දක්වා මම අධ්‍යාපන හැදැරුවා උසස් පෙළ කරන්න පුළුවන් තව පාරක් විභාගය කරානම් නමුත් ඒ කාලේ තමයි නිදහස් වෙළෙඳ කලාප අපේ පැත්තේ විවෘත වුනේ ඒ නිසා එහි වැඩට ගියා විවාහ වෙනකම් ඒ ගාමන්ට් වල තමයි මම වැඩ කලේ.

විවාහ වේලා තරිඳු පුතා ලැඛෙන්නේ ගම්පහ රෝහලේදි 1991 දි පුතා ලැබිලා අපේ මහ ගෙවල් වල අවුරුදු 3 ක් විතර ඉදලා මහත්තයාගේ මොළගොඩ මෙ තියෙන ගෙදරට අපි පදිංචියට ආවා අපේ පවුලේ අලූත් සමාජිකයා එක්ක. ඒ ඇවිත් මෙ නිවසේ සිටින කාලයේදි තමයි මම රස කැවිලි හදලා මුලින්ම ලග අහල පහල කඩවල් වලට දැම්මේ පස්සේ පස්සේ මාවනැල්ල නගරයේ කඩවල් වලට දැම්මා. ඒ මගින් අපිට ජිවත් වෙන්න පුළුවන් ආර්ථීක වටපිටාව අපි හදා ගත්තා මෙ නිවස ටිකෙන් ටික අපි හැදුවා.

මාගේ මහත්තයා මිය ගියාට පස්සේ කාන්තාවක් හැටියට පුතාගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ගේ දොර කටයුතු වෙනුවෙන් දැඩි මහන්සියක් වෙන්න මට සිදු වුනා. ස්ථිර රැකියාවක් නොමැති කම නිසා රස කැවිලි විකිණිම දිගටම සිද්ධ කරලා පුතාගේ අධ්‍යාපන කටයුතු නිවසේ දෛනික කටයුතු වෙනුවෙන් මුදල් හොයාගන්න සිදු වු අතර පුතාත් රස කැවිලි හදනකොට ඒවා පැකට් කරන්න සකසුරුවම් කටයුතු මට සහයෝගය දැක්කුවා. ඒ වෙනුවෙන් මහන්සි වුනා.

මාගේ මහත්තයා වකුගඩු රෝගි තත්වය හැදිලා අවුරුදු 4 කට වැඩි කාලයක් කිසිදු රැකියාවක් කර ගැනිමට නොහැකිව මේ නිවසේ කාලය ගත කලා. එයාගේ ඛෙහෙත් ගැනිම් සායන වලට කැඳවා ගෙන යෑම් වාගේම පුතාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මහන්සි විම සහ නිවසේ ආර්ථීකය සකස් කිරිමේ කටයුතු මට පැවරුනා. ඒ වෙනුවෙන් සැහෙන මුදලක් ගියා ඒ දවස් වල රස කැවිලි වලින් හොඳ අදායමක් ලැබුණා. මාවනැල්ල මහ රෝහලේ ආපන ශාලාවට රස කැවිලි විකුණා සැලකිය යුතු ආදායමක් ගත්තා. කොයි තරම් බාධක දුක් වේදනා ඇති වුනත් මාගේ වෘත්තිය මම කලා පුතා වෙනුවෙන් සහ මාගේ ස්වාමියා සුවපත් කරගන්න.

මාගේ මහත්තයාට ඒ පොසිට්වි වර්ගයේ වකුගඩුවක් හොයන්න පන්සල් ගානේ ගම් දනව් ගානේ ඇවිද ගියා අපිට හොයා ගන්න බැරි වුනා. මාගේ මහත්තයා මිය යන්න මාසයකට කලින් ඒයා නුවර මහ රෝහලේ සායනයට එක්ක ගියාට පස්සේ දොස්තර මහත්තයා එක්ක කිවා  අනේ මහත්තයෝ මාව තව මාසයක් ජිවත් කරවලා දෙන්න ඔබතුමාට පිං සිද්ධ වෙයි කියලා  වෛද්‍යවරයා ඒ ඇයි කියලා මගෙන් ඇසුවා මම කිවා පුතා උසස් පෙළ ලියන්න ඉන්නවා ඒ නිසා තමයි මේ විදිහට කියන්නේ කියලා. මාගේ මහත්තයා ඒයාගේ හැම වේදනාවක්ම විදගෙන ජිවත් වුනා පුතා වෙනුවෙන් ඒ තරම්ම ලොකු සෙනෙහසක් ආදරයක් තිබුණා. කොයි තරම් අමාරුවෙන් සිටියත් පුතා ගැන එයා අහලා සොයලා බැලූවා.

ඒ වාගේම තමයි පුතා එයාගේ මිය ගිය තාත්තා එක්ක පුදුම විදිහේ බැදිමක් තමයි තිබුණෙ ඒ බැදිම තාත්තා නැති වුනාට පස්සේ විශාල අඩුවක් ලෙස එයා දැක්කා එයාගේ කතා කරන වචන වලින් හැසිරෙන විදිහෙන් මට එක දැනුනා උසස් පෙළ ලියන්න මාසයක් පමණ තිබියදි තමයි මහත්තයා මිය ගියේ පුතා ඒ වෙන කොට උසස් පෙළ ලියන්න සුදානමින් සිටියේ තාත්තාගේ මිය යෑමෙන් පසු ඒ වේදනාවට හිත වෙනස් වුනු පුතාට ඒ සැරේ විභාගයෙන් විශ්ව විද්‍යාලයට යන්න තරම් ප්‍රතිඵල ගන්න බැරි වුනා. ප්‍රතිඵල තරමක් අඩු වුනා.

නැවත විභාගය එන අවුරුද්දේ පෙනි ඉදලා විභාගය පාස් කර ගෙන විශ්ව විද්‍යාලයට ගියා. තාත්තා මිය ගිය 2009 අවුරුද්දේ විභාගය ලියලා උසස් පෙළ ගණිත අංශයෙන් පුතා ගණිතයට ඒ සමාර්ථයක් හා ප්‍රිසිස් වලට බී සමාර්ථයක් කෙමෙස්ටි්‍ර වලට සී සමාර්ථයක් ගත්තා. ඒ පාර විශව විද්‍යාලයට යන්න බැරි වුනු නිසා 2010 ආගොස්තු මාසයේ නැවත උසස් පෙළ ගණිත අංශයෙන් ලියලා ගණිතයට ඒ  සමාර්ථයක් හා පි්‍රසිස්  ඒ  සාමාර්ථයක්ද කෙමෙස්ටි්‍ර  බි  සමාර්ථයක් ලබා ගනිමින් විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉජිනේරු පිඨයට ගියා.

තාත්තා නැති වුනාට පස්සේ තාත්තා එක්ක තිබුණු ඒ බැදිම මා සමගද ඇති වුනා පුතා විශAව විද්‍යාලයට ගියත් තවමත් තනිවම ඇදුමක් ගන්න කඩේකට යන්නේ නැහැ. යන්නේ මා එක්ක. එහෙම බැදිමක් මෙ වෙනකම්ම තිබුණා. නැදෑ ගෙදරකට මංගල උත්සවයකට ගියත් එයා මාත් එක්ක තමයි යන්නේ. පුතා ඇවිදින්න යන්නේ නැහැ යාළුවන් එක්ක විනෝද වෙන්න යන්නෙත් නැහැ ක්‍රිකට් ගහන්න ක්‍රිකට් මැච් බලන්න කැමැතියි. ටිවි බැලූවොත් බලන්නේ ඩිස්කවරි වාගේ රූපවාහිනි වැඩසහන් සංගීත ටෙලි නාට්‍ය පුතා වැඩිය බලන්නේ නැහැ. ඒවාගේ වැඩසටහන් වලට කැමැතිත් නැහැ.

පුතා පාසල් අධ්‍යාපනයට යොමු වේලා තේරෙන වයසට ආවාට පස්සේ ඇදුමක් ගන්න කියලා සල්ලි දුන්නොත් එයා ඇදුම් ගන්නේ නැහැ ඉලෙක්ට්‍රෝනික් බඩු තියෙන කඩේකට ගිහින් එයා ඉලෙක්ට්‍රෝනික් කැලි අරන් ගෙදර ඇවිත් එකේක ඒවා හදනවා අපි මොනවා කිවොත් එයාගේ එකේක සොයා ගැනිම් අලූත් අලූත් සුකුරුත්තන් වැඩ තමයි එයා ගෙදරට වේලා කලේ. වෙසක් එකට අපේ ගෙදර තමයි හැම තැනම ලයිට් දාලා වෙසක් කුඩු හදලා පාට පාට බල්බ දලා වෙසක් සමරන්නේ. විසිකරන බිම බට වලින් එයා විවිධ වෙසක් කුඩු නිර්මාණය කරනවා. ඒ විදිහට පුදුම විදිහේ දක්ෂතා එයාට තිබුණා.

පුතා පෙර පාසල් ගියේ මෙ ලග තියෙන මොළගොඩ ජයදිසි පෙර පාසට ඒයා කවදාවත් පෙර පාසට වාහානයක එක්ක ගියේ නැහැ. තාත්තා එයාගේ බයිසිකලයේ කොට්ටයක් බැදගෙන පරිසමින් පෙර පාසල වෙත එක්කරගෙන යනවා. පෙර පාසල් යන දවස් වල ඉදලා අනික් ලමයින්ට වඩා ඒයාගේ තිබුණු දක්ෂතා ටිකක් වෙනස්. 5 වසර දක්වා මොළගොඩ ප්‍රාථීමික විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරිමෙන් පසුව 148 ක් ලකුණු අරන් ශිෂ්‍යත්ව විභාගය සමත් වුනාට පස්සේ උසස් පෙළ දක්වාම අධ්‍යාපනය ලබන්නේ පින්නවල ජාතික පාසලෙන්. පින්නවල ජාතික පාසලට ගිය තරිදු සාමන්‍ය පෙළ විභාගයේදි  ඒ සාමාර්ථ 7 ක් සහ  බී  සමාර්ථ 1 ක්ද  සී  සමාර්ථ එකක් ද ලබා ගෙන ඇත.

තරිඳු පුතාගේ කුඩා කාලයේ සිටම තිබුණු ඉලක්ක ඒ විදිහටම ඒයාගේ හිතේ තිබුණා. මම නම් දන්නේ නැහැ පුතා සමහර දේවල් කොහෙන් ඉගෙන ගත්තාද කියලා ඒයා ගෙදරට වේලා හැම වේලාවේම කලේ ඉලෙක්ට්‍රෝනික වැඩ රූපවාහිනි යන්ත්‍ර ගුවන් විදුලි යන්ත්‍ර සහ ගමේ අයගේ පරිගණක ජංගම දුරකථන පවා හදලා දෙනවා ඒ කිසි දෙයක් කලේ මුදලට නොවෙයි. ගමේ ගෙදරකට පරිගණකයක් ගෙන්න ඔනෑ වුනොත් එක ගන්න පුතා තමයි එක්කරගෙන යන්නේ. විශව විද්‍යාලයට ගියාට පස්සේ ඒයා සැටලයිට් එකක් පවා පරණ යකඩ බඩු කඩයකින් තැටියක් ගෙනත් හැදුවා. මිට අමතරව පුතා පොඩි අය එක්ක ක්‍රිකට් සෙල්ලම් කරනවා. පුංචි දවස් වල ඉදලා එයා ඇසුරු කලේ එයාට වඩා අවුරුද්දක් දෙකක් බාල අය සමහර වේලාවට ගෙදර ඉන්නවාද කියලා හොයන්න බැහැ එයාගේ කාමරයට වේලා ඉලෙක්ට්‍රෝනික් වැඩ තමයි කරන්නේ. පුතා නිහඩ නිරහංකාර චරිතයක්.

ඉරිදාට දහම් පාසල් ගියා. පුතා උසස් පෙළට නුවර අමතර පන්ති වලට සහභාගි වුනා. මෙ දින වල පුතා රට හිටියත් මට දුරකථනයෙක් හැමදාම කතා කරනවා. පුතා මුලින්ම රට යන්න ශිෂ්‍යත්වයක් ලැබිලා තියෙනවා කියලා මට කිවා. මොකද කරන්නේ කියලාත් මාගෙන් ඇසුවා හැම දෙයක්ම එයා මහන්සි වේලා පාස්පොට් හදා ගෙන 2017 සැත්තැම්බර් 26 වැනිදා ජපන් ගියා මෙ අවුරුදේ සැත්තැම්බර් පුතා නැවත ලංකාවට එනවා කියලා මට කිවා. පුතා ආතර් සී ක්ලාක් ආයතනයෙන් ශිෂ්‍යත්වය ලැබිලා රට යන දවසේ අපි කිහිප දෙනෙකුත් වෑන් එකක් අරන් එයාව ඇරලන්න ගුවන් තොටුපලට ගියා. මට එදා ගොඩාක් දුක හිතුනා එත් පුතාගේ අනාගතය ගැන හිතපු මට එක සතුටක්.

දැන් මම අවුරුදු දෙකකට ආසන්න කාලයක් රස කැවිලි නිෂ්පාදනය සිදු කරන්නේ නැහැ. ඒ පුතාගේ ඉල්ලිමකට පුතා මට කිවා දැන් අම්මේ ඔයා මහන්සි වුනා ඇති මාගේ බැංකු පොතේ සල්ලි තියෙනවා මාසයකට වතාවක් ආතර් සී ක්ලාක් ආයතනයෙන් මුදල් පොතට යනවා කියලා බැංකු කාඩ් මට දිලා සල්ලි අරගෙන ජිවත් වෙන්න කියලා කිවා. පුතා විශAව විද්‍යාලයට ගියාට පස්සේ සෑම සෙනෙසුරාදාවකම සහ ඉරිදා දින වල අමතර පන්ති ගෙවල් වලට ගිහින් කලා කණAඩායම් හැටියටත් පන්ති පැවැත්තුවා ඒ නිසා ඒ මගින් පවා අමතර අදායමක් ලැබුණා ඒයා හොයන මුදල් වලින් වැඩි කොටසක් එයාගේ කටයුතු වලට වියදම් කර ගත්තා. පුතා අද වන විට යම් තැනක සිටිම හේතුවෙන් ආර්ථීක පැත්තෙන් අඩුපාඩුවක් මට නැහැ.

ඇයගේ එම පිළිතුරත් සමග අපි ඇයගෙන් විමසා සිටියා පසුගියදා ඇය විසින් විද්‍යුත් මාධ්‍ය වෙත කතා කරමින් කිසිදු ඇමැතිවරයෙක් මෙ සම්බන්ධයෙන් සොයා බැලිමක් සිදු කලේ නැහැ උදව් කලේ නැහැ කියන කතාව ගැන.
එවිට ඇය මෙසේ අප වෙත ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් කි්‍රයා සිටියේ මම දේශපාලඥයින් දැනුවත් කලේ මුදල් ආධාර බලාපොරොත්තුවෙන් නොවෙයි. ලංකාවේ දරුවෙක් මෙ වාගේ දෙයක් කරලා තිඛෙනවා ඒ වෙනුවෙන් ප්‍රදේශයේ පාලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දැනුවත් කිරිමේ අදහසින්. මම නම් දන්නේ නැහැ ඒ අය මේ වෙනකම් මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක්වත් නැරඹුවාද කියලා අපේ ගෙදරට මාධ්‍යවේදින් හා ගමේ අහල පහල අය නැදෑයන් ගෙදරට ඇවිල්ලා සතුට පල කරලා ගියාට දේශපාලඥයින් නම් කවුරුවත් රටේ නම ලෝකයට ගෙන ගිය දරුවා වෙනුවෙන් සතුටට පල කරලා යන්න ආවේ නැහැ.

මෙ අවුරුද්දේ කාන්තා දිනයේදි පුතා ඉගෙන ගත්ත මොළගොඩ ප්‍රාථීමික විද්‍යාලයෙන් මට ප්‍රණාම හරසර සමරුවක් පිරිනැමුවා පාසලේ කාන්තා දින උත්සවයේදි. එම සමරු තිලිණයේ මෙසේ සටහන්ව ඇත. මවක් ලෙස ඔබ පෙවු කිරිවලට ණයක් නොවු ලක් ඉතිහාසයේ පළමු චන්දිකාව නිපදවා මව් බිමේ කිත් යසස් ලෝව පුරා විදහාහල ඉංජිනේරු තරිඳු ලක්මාල් දයාරත්න රාවණා පරපුරේ පුතණුවෙකු මහමෙරක් වෙර දරා දැයට දයාද කල කේ.ශාන්ති මතාවනි ඔබට උත්තමචාරය ලෙස සටහන් කර තිලිණයක් ප්‍රධානය කර තිබුණි.

තරිඳු වෙනුවෙන් මොළගොඩ වාරාගොඩ ගම් වැසියන් ඔහුගේ හපන්කම නිසා සතුටට පත් වි සුභ පැතුම් බැනර් ප්‍රදර්ශනය කර ඇති අතර තරිඳුගේ මුල් අකුරු කියවු පෙර පාසල් ගුරුතුමිය වන සුනීතා මහත්මියත් ප්‍රාථීමික අංශයේ විදුහල්පතිතුමාත් පින්නවල ජාතික පාසලේ ගුරුවරුන්ද විශව විද්‍යාලයේ තරිඳුගේ ගුරුපියාණන්වරයෙක් වන අරුණ ගුණවර්ධන මහතාත් තරිඳුගේ හපන්කම නිසා සතුටට පත් වි සිටි.

අපේ රටට ආඩම්බරයක් ගෙන දුන් දරුවෙකු බිහි කරන ලද මවක් ලෙස අප මෙ සටහන අවසන් කරනුයේ බලාපොරොත්තුවත් උත්සාහයත් ඇත්නම් අපගේ ඉලක්ක පහසුවෙන් ජය හැකි බවයි. ඒ වෙනුවෙන් දුප්පත්කම බධාවක් නොවන අතර දුප්පත්කමේ උත්සාහය මල් ඵල ගැන්විමට අපගේ උත්සාහය වැදගත් වන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *