වියළි කාලගුණය නිම කරමින් කාලගුණයේ වෙනසක් අද

ඌව, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලත් අනුරාධපුර හා වව්නියාව දිස්ත්‍රික්කවල

පැවති වියළි කාලගුණය නිම කරමින් කාලගුණයේ වෙනසක් අද(09) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි හටගැනීමේ හැකියාවක් පවතිනවා. තාවකාලික තද සුලං ද වර්ධනය විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .නැගෙනහිර දෙසින් වන මුහුදු ප‍්‍රදේශවලද වැසි හටගත හැකි බවත් සදහන් කෙරේ

ඌව, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලත් අනුරාධපුර හා වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනි තැන සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර, එම තත්ත්වය නැගෙනහිර පළාතට හා මුලතිව් දිස්ත්‍රික්කයට පැතිර යා හැකි බව නිවේදනයේ සඳහන් වේ.

වැසි සමඟ ප්‍රභල අකුණු ද ඇතිවිය හැකි අතර තද සුළං තත්වයක් ද බලාපොරොත්තු වේ.එම නිසා අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.ඉදිරි දින කිහිපයේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද වැසි අපේක්ෂා කෙරෙයි .බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් ද ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ දිනවල සුර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පිහිටා තිබේ.ඒ අනුව අද දිනයේ දී දහවල් 12.11 වන විට මහවැව, අලළුව, කදහපොල, උහුමීය, උඩගම, කන්දනුවර, ගිරාඳුරුකෝට්ටේ, එල්ලේගොඩ, ගල්මෙද හා පෙරියනිලවානෙයි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *