මහ මුහුද තරණය කල ක්‍රීඩාවේ ජයගොස

 පිහිණුම් තරගාවලියේ ශුරයන් යුධ හමුදාව

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පළමු වරට සංවිධානය කරන ලද සැතපුම් දෙකේ විවෘත පිහිණුම් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජී. එස්. එන්. පෙරේරා සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අම්බලන්ගොඩ ඩොල්පින් ක්‍රීඩා සමාජයේ එච්. එල්. කෞශල්‍යා ශූරතාවය හිමිකර ගත්හ.

අහුන්ගල්ල සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවවර්ධන අධිකාරිය, රුහුණු සංචාරක කාර්යංශය ඇතුඵ ආයතන රැසකගේ අනුග්‍රහය මත ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් බළපිටිය ජීවිතාරක්ෂක පුහුණු පාසල ඉදිරිපිට වෙරළ තීරයේ දී පෙරේදා (16) මෙම තරගාවලිය පැවැත්විණි.

ඵිරිමි තරගාවලියේ පළමු ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජී. එස්. එන්. පෙරේරා ත් දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ ඩබ්ලිව්. එන්. බී. එල්. අබේරත්නත් තෙවන ස්ථානය අම්බලන්ගොඩ ශ්‍රී ලයන්ස් පිහිණුම් ක්‍රීඩා සමාජයේ ඇම්. එච්. රෂේන් දිල්ෂාන් ටත් හිමිවිය.

කාන්තා තරගයේ පළමු ස්ථනය අම්බලන්ගොඩ ඩොල්පින් ක්‍රීඩා සමාජයේ එච්. එල්. කෞශල්‍යා, දෙවන ස්ථානය අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ සෙහාරා අනුහංසි, තෙවන ස්ථානය කොළඹ ආරක්ෂක විද්‍යාලයේ ඒ. ඒ. ටිනුරි ඩිනාරා ටත් හිමිවිය.

වයස්ගතම පුද්ගලයාට හිමි ශූරතාවය වැල්ලවත්ත පිහිණුම් හා ජීවිතාරක්ෂක සමාජයේ එස්. එම්. චන්ද්‍රපාලට හිමිවිය.

ලාබාලතම ක්‍රීඩිකාවට හිමි ශූරතාවය මාතර පොල්හේන ක්‍රීඩා සමාජයේ කේ. ඩබ්ලිව්. නිර්මාණි නිම්සරා හිමි කර ගත් අතර ලාබාලතම ක්‍රීඩකයා වූයේ අම්බලන්ගොඩ ඩොල්පින් ක්‍රීඩා සමාජයේ ජි. වි. පවන් සත්සර ය.

අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ හසිඳු කෞශල්‍ය සහ සෙහාරා අනුහංසි දක්ෂතම පාසල් ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට හිමි ශූරතාවයන් හිමි කර ගත්හ.

ආබාධිත ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදාව් එච්. ඩී. සී. එන්. පෙරේරා ට හිමිවිය.

මෙහිදී දක්ෂතම පිරිමි කණ්ඩායම, දක්ෂතම  කාන්තා කණ්ඩායම හා දක්ෂතම සේවා කණ්ඩායම යන ශූරතාවයන් ත්‍රිත්වයම  ශ්‍රී ලංකා යුද හමුදාවට හිමිවිය.

පිරිමි හා කාන්තා තරගයන්හි පිළිවෙලින් පළමු දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහත ඡායාරූප වල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *