හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන කලේ සිදු නොකලයුතු ප්‍රකාශයක්

අදූරදර්ශී අතාර්කික ප්‍රකාශ දිගින් දිගටම සිදුකිරීම සම්බන්ධයෙන් පුදුමයට පත්වෙනවා

අපොස උසස් පෙළ විභාගයෙ ප්‍රතිපල අනුව කලා අංශයේ දිවයිනේ ප්‍රථමයා වශයෙන් තේරීපත්වූ ජාත්‍යන්තර පාසලේ ශිෂ්‍යාවගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන අමත්‍ය වරයෙකු වන ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවකදී සිදුකල ප්‍රක්ෂයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල දැඩි කථාබහට ලක්වන ලදී.හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වර්තමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද දින සිය අදහස පලකරන ලදී.

පාසල්, ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල්වල දරුවන්ට වෙන වෙනම සැලකීමේ ක්‍රමවේදයක් ආණ්ඩුවේ හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ නොවන බවද පෞද්ගලික අයදුම්කරුවන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ බාධාවක් නොවන අතර එය වසර ගණනාවක සිටම සිදු වූ සාමාන්‍ය ක්‍රමවේදය බවද පැවසූ අධ්‍යාපන ඇමතිවරයා ඉකුත් 2013 වසරේ සිට පෞද්ගලික අයැදුම්කරුවන් ඒ ඒ විෂය ධාරාවන්ගෙන් ඉහළ ස්ථානවලට පැමිණි අවස්ථා ඇති බවද දේශපාලන අවශ්‍යතා මත බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා රටේ දරුවන්ගේ දක්ෂතා හෑල්ලුවට ලක්කිරීමේ පහත් උත්සාහයක නිරතවෙමින් සිටින බවද පැවසීය.විශේෂයෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය වරයෙකු වශයෙන් සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් පුදුම වෙනවා එමෙන්ම එය ඉතා අයුක්ති සහගත ප්‍රකාශයක් එවැනි අදූරදර්ශී අතාර්කික ප්‍රකාශ දිගින් දිගටම සිදුකිරීම සම්බන්ධයෙන් පුදුමයට පත්වෙනවා වගේම කණගාටු වෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *