සරණක් අවැසි මිනිසුන් සොයා යන මනුසත් ප්‍රජා සත්කාරය

 කොෂිබා මනුසත් ප්‍රජා සත්කාරක පදනම මීරිගම

“වන සිවු පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත” මීට දශක කිහිපයකට එපිට චන්ද්‍රලේකා පෙරේරා මහත්මියගේ හඩින් පිටවුනු ඒ ගීතයට අනුව මේ ලක් දෙරණේ වර්තමාන සත්‍ය නම් එයමය. රටක් ලෙස ජාතියක් ලෙස පෙරට යායුතු ගමනේ අපි කොතරම් නම් දුරක් ගොස් තිබේ ද? රට පුරා ඇසෙන අසුබ දුක්බර කදුළු කථා අතරේ ඉද හිට ඇසෙන සුන්දර කථාවකට ඉඩ කඩ වෙන් කිරීම මාධ්‍යයේ යුතුකමක් සේම වගකීමකි එවන් කථාවක තොරතුරු සොයා මීරිගම ප්‍රදේශය අපි ගියෙමු.

මීරිගම කීනදෙණිය ප්‍රදේශයේ දී උත්සවය පැවැත්විණ අසරණ පාසල් දරුවන් සදහා අවශ්‍ය පාසල් උපකරණ ඇතුළු භාණ්ඩ රැසක්  කොෂිබා මනුසත් ප්‍රජා සත්කාරක පදනම මගින් මෙහිදී බෙදාදෙන ලදී. 2018 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී මීරිගම ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරියක වශයෙන් තේරීපත්වූ සුනේත්‍රා සමරකෝන් මහත්මිය ප්‍රථමවරට සංවිධානය කළ මෙම ප්‍රජාසත්කාරක සේවාව තුලින් මීරිගම කීනදෙණිය කලාපයේ පාසල් දරුවන්ට සහ එම ප්‍රදේශයේ පාසල්, සේච්චා සංවිධාන, වැඩිහිටි සමිති සහ අඩු අදායම් ලාභීන් සදහා උපකරණ සහ ආධාර හිමිවන ලදී.විශේෂ සිදුවීම වුයේ එම උත්සවය සංවිධානය කල භූමියයේ අයිතිය හිමිව තිබූ කොෂීබා සමුහ ව්‍යාපාරයේ අධිපති දේශබන්දු සාමවිනිසුරු ඒ.එස් ජයන්ත පෙරේරා මැතිතුමා විසින් එම භූමිය ප්‍රදේශයේ පොදු කටයුතු සදහා ප්‍රධානය කිරීමයි.

කොෂිබා මනුසත් ප්‍රජා සත්කාරක පදනම මීරිගම

සේනානායක මුදලින්දරමාධිපති කටුගස්තොට සාරද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් උත්සව කටයුතු ආරම්භ කරන ලදී.මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් වශයෙන් මීරිගම ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක සංජය සිරිවර්ධන ,මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් නන්දසිරි ,සහ උපසභාපති තුමන් ඇතුළු මන්ත්‍රී මණ්ඩලය සහ ප්‍රදේශයේ පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය. මේ අනුව ප්‍රදේශයේ පාසල් දරුවන් සදහා පාසල් පොත් සහ පාසල් සදහා අවශ්‍ය උපකරණ ,වියලි අහාර මලු ,වැඩිහිටි සමිති සදහා පොත් පුටු පැමිණ සිටි ආරාධිතයන් අතින් බෙදා දෙන ලදී.

මෙම මනුසත් සත්කාරය වෙනුවෙන් පෙළගැසුණු මිනිසුන් සමූහයකට නායකත්වය දෙන කොෂීබා සමුහ ව්‍යාපාරයේ අධිපති සහ අනුශාසක දේශබන්දු ඒ .එස් .ජයන්ත පෙරේරා මැතිතුමා සමගින් සුනේත්‍රා සමරකෝන් මැතිණිය පදනමේ ලේකම් ළහිරු පෙරේරා සහ ආශාරා පඩුවාවල පෙරේරා මැතිණිය ඇතුළු කොෂීබා පදනමේ කාර්ය මණ්ඩලය මිනිසුන් උදෙසා බිහිකළ මනුසත් ප්‍රජා සත්කාර වැඩසටහන සදහා සිය දායකත්වය සහ අනුග්‍රහය දක්වා තිබුණි.

සමාජයේ කුඩා තැන සිට ඉහළට පැමිණි කොෂීබා සමුහ ව්‍යාපාරය වසර ගණනාවක සිට මීරිගම ප්‍රදේශයේ ජනතාවගේ විශ්වාශය දිනාගත් ආයතනයකි .තම පුද්ගලික මුදල් යොදවා සමාජ ආගමික සේවාවන් රැසක් සිදුකරන මෙම ආයතනය මෙම වසරේ සිට කොෂීබා මනුසත් ප්‍රජා සත්කාරක පදනම පිහිටුවමින් සිය සමාජීය ආගමික මෙහෙවර පුළුල් කිරීමට පියවර ගන්නා ලදී. ඒ අනුව ඉදිරියේදී මීරිගම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දීමට සමාජ සත්කාරක පදනම හරහා සිදුකෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *