රජය අද මධ්‍යම රාත්‍රී සිට තෙල් මිළ පහත දැමීමට සැරසේ

ඉන්ධන මිළ සුත්‍රය නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතයි

නව ආණ්ඩුව බලයට පත්වීමත් සමග ඉන්ධන මිල අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට පහත දැමෙනු ඇතැයි මහා භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව පෙට්රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5ත් 10ත් අතර මිලකින් අඩුවනු ඇතැයිද වාර්තාවේ.ඊයේ මුදල් අමාත්‍යංශයේ වැඩ භාරගැනීමෙන් පසු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කලේ ලෝක වෙළද පොලේ තෙල් මිළ සීග්‍රයෙන් පහත වැටී ඇති නිසා තවදුරටත් තෙල් මිල පහත දැමීමට හැකි බවයි.

ඉකුත් ඔක්තෝම්බර් මස 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන අවස්ථාවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 ක් වූ අතර අදවන විට එහි මිල ඩොලර් 57 දක්වා අඩුවී තිබේ.ඒ අනුව මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රී සිට අඩුවීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *