පහරදීමේ චෝදනාවකට රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාරයට

ගොඩකවෙල නගරයේදී පසුගිය 16 වැනි ඉරිදා පුද්ගගලයෙකුට පහරදීමේ සිද්ධියක්

පුද්ගලයෙකුට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොඩකවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා අද (20) නියෝග කර තිබේ.

ගොඩකවෙල නගරයේදී පසුගිය 16 වැනි ඉරිදා පුද්ගගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ලව තිබිණි.

ඒ අනුව අද පෙරවරුවේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *