“දිසාපාමොක් මිණි පහන” // චරිතාපදානය දොරට වැඩීම

රුහුණු කලා හවුලට වසර 70 ක් පිරීම නිමිති කරගෙන

ප්‍රකට විද්වතෙකු හා සම්මානනීය ලේඛකයකු වන මහාචාර්ය බන්දුසේන ගුණසේකර සූරීන්ගේ 92 වැනි ජන්ම දිනය සැමරීම හා මාධ්‍යවේදී අනුර යසමිත් මහතා විසින් ලියන ලද ‘දිසාපාමොක් මිණි පහන’ නැමති බන්ධුසේන ගුණසේකර සූරීන්ගේ චරිතාපදානය දොරට වැඩීම මේ මස 18 වැනි අගහරුවාදා දින පස්වරු 1.30 ට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙයට අමතරව රුහුණු කලා හවුලට වසර 70 ක් පිරීම නිමිති කරගෙන රුහුණෙන් බිහි වූ විවිධ කුසලතාවයන් දැක් වූ 70 දෙනෙකුට සම්මාන ප්‍රදානය කිරීමද මෙදින සිදු කිරීමට නියමිතය.

අමරපුර ම්‍රම්මවංස මහා නිකායේ මහා නායක අති පූජ්‍ය කණුමුල්දෙණියේ විමලජෝති මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා, රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දේව මයිකල් ද සිල්වා, රුහුණු කලා හවුලේ සභාපති කිවිපති ආචාර්ය සේන අම්බලන්ගොඩ යන මහත්වරුන් ඇතුඵ පිරිසක් සහභාගි වීමට නියමිත බව රුහුණු කලා හවුලේ සම ලේකම් කමලා පල්ලියගේ මහත්මිය ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *