රතන හිමියන්ගේ”රට ගොඩනගන ජාතික සභාවට”වසන්ත, බැසිල්,ගම්මන්පිල

බැසිල් දිනේෂ් සහ ගම්මන්පිල එක්වෙයි

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් සංවිධානය කරන ලද රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී දැන් පැවැත්වෙන ‘රට ගොඩනගන ජාතික පිළිවෙත’ එළිදැක්වීමේ ජාතික සභාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද සහභාගි වී සිටී.මෙම අවස්ථාව සදහා තමන් බොහෝ දෙනෙකුට ආරාධනා කළ බව රතන හිමියෝ පැවසූහ.

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් 2004 වර්ෂයේ මුල්වරට ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පිවිසෙන අතර 2010 වර්ෂයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන ලදී 2015 පසුගිය ජනධිපතිවනයෙදී පොදු අපේක්ෂක දිනවීමේ සටන වෙනුවෙන් පෙරමුණ ගන්නා රතන හිමියන් පසුව එක්සත් ජාතික පෙරමුණු සමග එකතුවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන ලදී අද දිනයේ රට ගොඩනගන ජාතික සභාව ලෙස නව සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් ඉදිරි පත්ව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *