දිවි මගට සරුමග “මහිම” // ඇන්තූරියම් වගාවේ ප්‍රමුඛයා සමගින් එක්වන්න

දකුණු ආසියාවේ විශාලතම ඇන්තූරියම් වගා මධ්‍යස්ථානය

අද කාන්තාව තම ආර්ථිකය ශක්තිමත් කරගැනීමේ අරමුණින් විවිධ උත්සාහයන් ගන්නා යුගයක ඔවුන්ට ඒ සදහා තෝරාගැනීමේ මාර්ග රැසක් අතර විසිතුරු මල් වගාවද සුවිශේෂ ස්ථානයක් ගෙන ඇත. ඒ අතරින් ඇන්තූරියම් වගාව සම්බන්ධයෙන් වැඩි උනන්දුවක්  පවතිනවා. එදා ගෘහ අලංකරණය සදහා පමණක් භාවිතා කළ ඇන්තූරියම් වගාව අද වනවිට අපනයනය කරන තත්වයට පත්වීමත් සමග ඒ සදහා බොහෝ පිරිසක් යොමු වෙමින් ඇත.

ඒ සදහා සුදුසුම සහ විශ්වාශ වන්තම මධ්‍යස්ථානය ලෙස ප්‍රවීණ ඇන්තූරියම් වගා උපදේශිකා දේශ ශක්ති යමිකා ගුණවර්ධන මහත්මිය විසින් පවත්වාගෙන යන “මහිම” (Mahima Plant Nursery) ඇන්තූරියම් ආයතනයට හිමිව ඇත. එහි දැවැන්ත ඉදිරි පියවරක් වූ  “සවුන්ඩ් ඔෆ් ඇන්තූරියම්”  (sound of Anthurium) ආයතනය තුලින් වඩාත් පුළුල් සේවාවක් ඇන්තූරියම් වගාකරුවන් හට ඉදිරි කාලයේදී සිදුකෙරෙනු ඇත.

ඇන්තූරියම් වගාව ඇතුළු ගෘහ ආශිත විසිතුරු වගාවන් තුළින් අදායම් මාර්ග ඇතිකර ගැනීමේ අවස්ථාව සහ අපනයන ඇන්තූරියම් වගාව ආශ්‍රිත අදායම් ලබන මාර්ග පිළිබදව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන්  ප්‍රවීණ උපදේශිකා දේශ ශක්ති යාමිකා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩ කටුනායක ගුවන් තොටුපල මාර්ගයේ බලබෝව,ඇන්තූරියම් මාවත ප්‍රදේශයේ පිහිටුවා ඇති සව්න්ඩ් ඔෆ් ඇන්තූරියම් ආයතනයේදී පවත්වාගෙන යයි.  මේ සදහා සති පතා  දිවයින පුරා සිටින ඇන්තූරියම් වගාවට ඇල්මක් දක්වන විශාල පිරිසක් සහභාගී වෙති.

දීර්ඝ කාලයක සිට මෙම වගා ශේෂ්ත්‍රයේ අත්දැකීම් බහුල කාන්තාවක වශයෙන් මෙම වගාව තුළින් ඔබගේ නිවස සහිත කුඩා භූමිය තුළින් හොද අදායම් මාර්ගයක් ඇතිකර ගැනීමට පුළුවන් මෙම ශේෂ්ත්‍රයේ ඔබට ඉදිරියට යන්න හොද අවස්ථාවක් තිබෙනවා මා බලාපොරොත්තු වන්නේ ඔබ ගෘහනියක් වශයෙන් තමන්ට හොද අවස්ථාවක් තියෙනවා ඉදිරියට යන්න .මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීණ උපදේශිකා යමිකා ගුණවර්ධන මහත්මිය පැමිණි පිරිස අමතමින් සදහන් කරණ ලදී

මම මේ ඇන්තූරියම් වගාව නිසා අද සාර්ථක ව්‍යයාපාරික කාන්තාවක් විදියට පෙරට එන්න ලැබුණේ උනන්දුව උත්සාහය සහ කැපකිරීම තුළින් ඉතින් මා ඔබට කියන්නේ ඔබ අද නිවැරදි දේ තෝරාගෙන තියෙනවා කියල හිතාගන්න ඔබ පසුබට නොවී මේ ඇන්තූරියම් වගාවේ ඉහලටම යන්න හිතාගන්න. ඔබ  ගැන විශ්වාශයක් ඇතිකරගන්න එය තම පවුලේ පිරිස සමග සාකච්චා කරන්න එවිට ඔබට ඒ සියලු දෙනාගේ සහයෝගය ලැබේවි. ඔබ දායක වන්නේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ව්‍යපාරයකට කියල හිතෙනකොට ඔබටත් ඔබගැන ආඩම්බර වෙන්න පුළුවන්

මේ සදහා ඔබත් කැමතිනම් අදම අමතන්න 0777320322 /0777574084 / 0115970270

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *