ජනපති ව්‍යවස්ථාව උල්ලංගනය කලා රනිල් විදෙස් තානාපතිවරුන්ට කියයි

2015 දී එක්සත් ජාතික පක්ෂය සමගින් එකතුව පොදු අපේක්ෂකයා වශයෙන් කරළියට රැගෙන ආවේ මෙරටේ අලුත් වෙනසක් කිරීමට බවත් යහපාලනයක් ඇතිකිරීම වෙනුවෙන් එහෙත් වසර තුනක් ගිය පසු ලක්ෂ 62 1/2 ජනවරමට සම්පුර්ණයෙන්ම පිටුපාමින් වත්මන් ජනපති කටයුතු කර තිබෙනවා. අපේ රජය යහපාලන ප්‍රතිපත්ති අනුගමනය කරමින් මෙරට තුල සාමය සහ සංහිදියාව ඇතිකළා රටේ ප්‍රධාන ප්‍රශ්න විසදීම වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබියෙදී එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ප්‍රථමයෙන් ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ සහගත ක්‍රියාවක් සිදුකිරීම තුළින් යහපාලන රජය බිඳ දැමීමට ජනාධිපතිවරයා කටයුතුකර ඇතිබවත් රනිල් වික්‍රමසිංහ මහතා විදේශතානාපතිවරුන් හමුවේ පැවැසීය.

මෙම සාකච්ජාවට ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමයේ රටවල්, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු අප්‍රිකාව සහ මහා බ්‍රිතාන්‍ය ඇතුළු තානාපතිවරු සහ මහකොමසාරිස්වරු විස්සකට අධික පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *