ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අද ත්‍රස්ත ප්‍රවර්ධන කොට්ඨාශය බවට පත් වෙයිි

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අද ත්‍රස්ත ප්‍රවර්ධන කොට්ඨාශය බවට පත් වෙයිි

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අද වන විට ත්‍රස්ත ප්‍රවර්ධන කොට්ඨාශය බවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

රට රකින ජන පවුර සංවිධානය විසින් කොළඹදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

විදේශ බැංකුවකින් මුදල් හුවමාරු වු අමාත්‍යවරයෙකුට අයත් ගිණුමක් සම්බන්ධයෙන් මහ බැංකුව කරුණු අනාවරණ කර තිබියදි ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මන්ත්‍රිවරයා පැවසීය.

පසුගිය ආණ්ඩු සමයේ මෙවැනි ක්‍රියාවක් සිදු වුවානම් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් විරුද්ධව කටයුතු කරණ බවත් අද එවැනි විරුද්ධත්වයක් සිදු නොවන බවත් මන්ත්‍රිවරයා මෙහිදි පැවසීය.

මෙයට හේතුව එම පක්ෂයේ නායකයාට මසකට රුපියල් ලක්ෂ 25ක් ලැබීම බවට වීමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

එහිදි මන්ත්‍රිවරයා තවත් කරුණු කිහිපයක් ඔස්සේ කරුණු දැක්වීය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ද එම සම්මන්ත්‍රිය ඇමතීය.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *