ගල්කිස්සේ මුහුණු පොතේ සාදයට 28 ක් අත්අඩංගුවට

ගංජා,මත් පෙති සහ නීතිවිරෝධී සිගරට් ලග තිබී සොයා ගැනීම

ගල්කිස්ස ප්‍රදේශයේ මුහුදු වෙරළේ පැවති සාදයක් ආවරණය වන පරිදී සිදුකළ මෙහෙයුමකින් තරුණ තරුණියන් 28 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ප්‍රිය සම්භාෂණය ඊයේ (19) දහවල් සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවති බවයි පොලිසිය පවසයි. පොලිසිය විසින් උපක්‍රමශිලිව මෙම සාදයට ඇතුල්වී සිදුකළ මෙහෙයුමෙන් අවුරුදු 20 සිට 30 දක්වා වයසේ තරුණ තරුණියන් 27 දෙනෙක් සහ අවුරුදු 45ක් පමණ වයසැති පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිස ළඟ තිබී ගංජා,මත් පෙති සහ නීතිවිරෝධී සිගරට් ලග තිබී සොයා ගැනීමට සමත්ව තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අද (20) දිනයේදී ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.මෙම වෙරළ සාදය මුහුණු පොත හරහා සංවිධානය කර ඇති බව දැනගන්නට ලැබී ඇතැයි පොලිසිය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *