දක්ෂිණ සාහිත්‍ය කීර්ති‘ ස්වර්ණ සම්මානය // රත්න ශ්‍රී විජේසිංහ මහතාට

දකුණ කල එළි කරන සාහිත්‍යයේ සුපුසන් පුර සද

මාටින් වික්‍රමසිංහ ,මුනිදාස කුමාරතුංග ශුරීන් විසින් මෙරට සාහිත්‍ය හා කලා ශේෂ්ත්රයන්ට සිදුකල අප්‍රමාණ සේවය අතිවිශාලය ඒ අතීත ශේෂ්ඨයන් අතරට සම්බා වනාවට පාත්‍රවන වර්තමාන දකුණේ සාහිත්‍ය රජු රත්න ශ්‍රී විජේසිංහ ශුරීන් වෙනුවෙන් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ සංකල්පයක් මත යටතේ දකුණු පළාත් සංවර්ධන අධිකාරිය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද දකුණේ පොත් වසන්තය දක්ෂිණ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනය -2018 දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ සුරතින් අද (25) දින විවෘත කෙරිණි.
එකී අන්තර් ජාතික පොත් ප්‍රදර්ශණයට සමගාමීව දක්ෂින දේශයෙන් බිහි වූ සාහිත්‍යෙව්දීයෙකුට සම්මාන පිරිනැමීමක් ද සිදු විය.

ඒ අනුව ‘දක්ෂිණ සාහිත්‍ය කීර්ති‘ ස්වර්ණ සම්මානය රත්න ශ්‍රී විජේසිංහ මහතාට, පිරිනැමීම මෙහිදී සිදුවිය.මෙම අවස්ථාව සදහා දකුණු පළාත් සභාවේ ගරු මන්ත්‍රීවරුන්, දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා මහත, දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සභාපති කුමාර කරවිට මහතා ඇතුළු විශාල පිරිසක් එක්වූහ.අද 25 දින ඇරඹි පොත් ප්‍රදර්ශනය ජූලි මස 29 දක්වා පුරා දින 05 ක් ගාල්ල මහ නගර සභා පරිශ්‍රය හා ගාල්ල ධර්මපාල උද්‍යාන පරිශ්‍රෙයේදී උදේ 8 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව,සංවිධායකයෝ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *