පිලංකඩ ගල්ලෙනේ තපස් රකින ගාල්ලේ හසිත තාපස

සියලු ආශාවන් අතහැර වනගත ගල් ගුහාවක

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල ප්‍රදේශයේ, පිහිටි අත්තනගල්ල රජමහා විහාර භූමියට පෙනෙන දුරින් පිලංකඩ වන අරණත් ගල්ලෙනත් සියවස් ගණනාවක සිට විරාජමානව පවතී. අතීත ප්‍රෞඩ ඉතිහාසයේ රහස් තව දුරටත් මහ පොළව මත වැළලී යද්දී ඒ අතීත උරුමය ලොවට කියන්නට අපි සුදානමින් සිටින්නෙමු.

සියලු ආශාවන් අතහැර වනගත ගල් ගුහාවක ජීවත්වෙමින් සකල ශ්‍රී ලාංකීය ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම අරමුණු කරගත් තාපස හිමිනමකගේ තතු සොයා වාරණ රජමහා විහාරස්ථානය ආසන්න යේ පිහිටි පිලංකඩ වණ අසපුව සොයා අති දුෂ්කර ගමනක LankaABCnews මාධ්‍ය කණ්ඩායම ගමන් කරන ලදී .හිරු නැගෙන හෝරාවේ ගමන් ඇරඹි කණ්ඩායම පිලංකඩ වන අසපුවෙන් නික්මෙන විටත් හිරු අවර ගිරින් සැගව යන්නට යුහුසුළුව සුදානමින් සිටින ලදී. අතීතයේ මහ රහතුන් වහන්සේලා මෙම වණ අසපුවේ ඇති ගල් ලෙන තුළ වැඩවාසය කර ඇති බවට ජනප්‍රවාදයේ සදහන් වෙති .රවණා රජතුමාද මෙම ගල්ලෙන තුළ සිට ඇතිබවට සදහන්ය.

පසුකාලීනව විවිධ අවස්ථාවන් වලදී මෙමෙ වණ අසපුව ඉතිහාසයට එක්වන ලදී . අතීතයෙන් අනාගතය කරා දිවෙන පිලංකඩ වණ අරණටත් ගල්ලෙනටත් වර්තමානයේ සිටිනා එකම අයිතිකරු ගාල්ලේ සිට 1991 වර්ෂයේදී මෙම ස්ථානයට පැමිණි හසිත තාපසයන් වහන්සේය. ගලුදිසාවේ සුවහසක් දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සිදුකර ඇති හසිත තාපසයන් වහන්සේ සියලු සැප සම්පත් අත්හැර ඇත.  තනිවම වනගත් වෙමින් තපස් ජීවිතයෙන් මෙලොව සියලු සත්වයන්ට බුදු දහම තුලින් සෙත ශාන්තිය සැලැස්වීමට හෙටදිනයේ නව ගමනක් යාමට සුදානමින් පවතින බව අපත් සමග ප්‍රකාශ කරන ලදී. ඒ නව සමාජ ව්යාපාරයක් තුලිනි තම 27 වසරක තාපස ජීවිතයේ සිදුකල පර්යේෂණයන් තුලින් මේ සිදුකරන සමාජ වෙනස කුමක් ද?   —තවත් කොටසකින් හමුවනතුරු— 

The LankaABCnews media team traveled on a difficult journey to the pilankadawala Vihara in the vicinity of the Warana Rajamaha Viharaya, in order to cope with the well being of all the Sri Lankans in a cave, deserting all desires .The team headed by the RAW Rugo took off At the time of the rising of the sun, they were ready to hide from palm trees. It is said in the folklore that the great Nakshatra had been employed in this cave .According to the legend,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *