ජර්මනියේ උපකාරයෙන් ඇස් ඇරෙන පස්යාල සිරිසගබෝ විශේෂ පාසල

පස්යාල සිරිසගබෝ විශේෂ පාසල

මේ පාසලට පැමිණි මුල් අවස්ථාවේදී සිතුවා පාසලට උපකාර කලයුතුයි කියලා මගේ රටේ ළමයින්ට වගේම මේදරුවන්ටත් ආදරය කරන්න සිතුණා. මේ දරුවන්ගේ හැකියාවන් වර්ධනය කරලා අනිත් ළමයින්ගේ තත්වයට පත්කිරීම තමයි මගේ අරමුණ මේ දරුවන් අසරණ වෙන්න නොදී ඒ යුතුකම ම ඉටුකරනවා. තවදුරටත් මම මේ පාසලේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා ඒ ජර්මන් ජාතික එඩ් මරියා මහත්මියගේ අදහසයි.

At the first visit to this school, I thought that I wanted to help the school and I wanted to love my children and their children. My intention is that these children should not be helpless due to the development of these children’s capacities and restoring them to the rest of the children. I will continue to work on the development of this school, according to the German Ed Maria.

උපතින් උරුමකරගත් අබාධිත තත්වය තවදුරටත් කරුමයක් නොවන්නට අබාධිත තත්වය පරයා ජීවිතය ජයගැනීම සදහා මනා පුහුණුව පන්නරය ලබාදීම තුළින් තව දුරටත් අබධිතයින් වශයෙන් නොසිතා ජීවන ගමන ජයගන්නට මගපෙන්වන මෙවන් මධ්‍යස්ථාන කෙරෙහි අපේ රටේ ජනතාවගේ අවධානය නිරන්තරයෙන් ලැබිය යුතුමය. එය ජාතියක් ලෙස අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වන්නේය

මෙම පාසල නගා සිටවීම වෙනුවෙන්මීට වසර 14 කට පෙර පස්යාල ප්‍රදේශයේ පදිංචි සුනිල් දසනායක මහතා ද විශාල කාර්ය භාරයක් සිදුකර ඇත ඒ තම පුද්ගලික ධන පරිත්ත්‍යගයෙන් වසර ගනනාවක් පාසලේ කටයුතු සොයා බැලීම සහ මුදල් පරිත්‍යාගය සිදුකර ඇත සුනිල් දසනායක මහතා විසින් පුද්ගලික ධන පරිත්‍යාග සහ මෙම ඉඩම පරිත්‍යාග කරන ලද චාලට් ප්‍රේමසීලී මහත්මිය වේ ඒ අනුව ඉතා කුඩා ප්‍රමාණයෙන් ආරම්භ කරන ලද මෙම පාසල පස්යාල සිරිසගබෝ විශේෂ පාසල නම් කරන ලදී . අත්කම් භාණ්ඩ ආයතනයක නිළධාරිනියක් වශයෙන් සේවය කරන ජර්මන් ජාතික එඩ් මාර්යා මැතිණිය මෙරටට පැමිණි අවස්ථාවකදී මෙම පාසලට පැමිණ අඩුපාඩු සොයා බලා පාසලට අත්‍යවශ්‍ය දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

ඒ ජර්මන් රටේ තවත් ස්වෙච්ච සංවිධාන දෙකක ආධාර සහිතවය. ගම්පහ දිස්ත්‍රික්කය පුරා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ඉදිකරන ලද පාසලකි මෙම පාසල ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් නවීන පහුකම් වලින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර සිසු අයිතියට පැවරීම සිදුකරණ ලදී.මෙහිදී විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ විවිධ නැටුම් ගැයුම් රැගුම් ආදී විවිධ අංගයන් රැසක් ඉදිරිපත් කරන ලදී .

මෙම අවස්ථාවට නිට්ටඹුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තුමන් ,අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ,පාසලට ආදරය කරන ප්‍රදේශ වාසීන් ,පාසලේ ආචාර්ය මණ්ඩලය ,දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වන ලදී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *