ඉමදුවේ මහ අවුලක්……සම්බන්ධිකරණ රැස්විම වර්ජනය කර මන්ත්‍රිවරු සභාවෙන් නැගිට යති.

ඉමදුව සම්බන්ධිකරණ රැස්විමේ සම සභාපති කම නිසා  ප්‍රශ්ණයක්.

 

ඉමදුව සම්බන්ධිකරණ රැස්විමේ සම සභාපති කම නිසා ඇති වු ප්‍රශ්ණයක් නිසා  ඉමදුව සම්බන්ධිකරණ රැස්විම වර්ජනය කර ඉමදුව ප්‍රා දේශිය සභා මන්ත්‍රිවරු සභාවෙන් නැගිට ගියහ.

ඉමදුව ප්‍රාදේශිය සම්බන්ධිකරණ රැස්විමේ සම සභාපති වරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විසින්  හබරාදුව එජාප හබරාදුව සංවිධායක නිතිඥ තාරක නානායක්කාර මහතා පත්කිරිම නිතියාණු කූළ නොවන බව පවසමින් ඉමදුව ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව)  මන්ත්‍රිවරු අද 11 දින සවස  පැවැති ඉමදුව සම්බන්ධිකරණ රැස්වීම වර්ජනය කර සභාවෙන් පිටව ගියහ.

මෙම අවස්ථාවේදී  දකුනු පළාත් සභා මන්ත්‍රි ඒ.ජී.සී පියසිරි මහතා ද සම්බන්ධිකරණ රැස්විම  වර්ජනය කරමින්  පිටත් විය.

(මෙම අවස්ථාවේ දී සභාවේ ඇති වුයේ මහා ගාල ගෝට්ටියකි.)

මෙහි දී අදහස් දැක්වු ඉමදුව ප්‍රාදේශිය සභාවේ සභාපති ඒ.වී සරත් කුමාර මහතා. (ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ)

ඉමදුව සම්බන්ධිකරණ රැස්වීමේ සම සභාපති වශයෙන් තාරක නානායක්කාර මහතා පත් කිරීම සම්බන්ධයෙන් මා විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.

ඉමදුව සම්බන්ධිකරණ රැස්වීමේ සම සභාපති හබරාදුව එජාප ආසන ප්‍රධාන සංවිධායක නිතිඥ තාරක නානායක්කාර මහතා

සම සභාපති කම ඉතාම පැහැදිලියි. මේ පත්වීම  ජනාධිපති තුමා පත්කර තියනවා.එය ලිඛිතව දැනුම් දී තියනවා. එකි ලිපි ලේඛණද මෙහි තියනවා.  එජාප සම සභාපති වශයෙන් මා පත්කර තියනවා.රැස්වීමේ නෛතික භාවය සම්බන්ධයෙන් ප්‍රශ්ණයක් නෑ.මම විතරක් නොවෙයි ලංකාවේම මහජන නියෝජිතයෙක් වෙන්නේ නැතිව සිටින පුද්ගලයා මා විතරක් නොවෙයි.40ක් පමණ සිටිනවා. මම මහජන නියෝජිතයෙක් නොවෙයි. මම නිතිඥයෙක් කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ගෙන සිටින කෙනෙක්. මම මට ලබා දුන්න තනතුර නිසා තමයි මම මෙහි සිටින්නේ නැතුව ඔබ දන්නවා මේ රටේ නානායක්කාර වරුන් කව්ද ? කියලා.මගේ පියත් දේශපාලනය කර තියනවා. මමත් දේශපාලනය කර තියනවා.මට බලහත්තාරයෙන් තනතුරු ලබා ගන්නු උවමනාවක් නෑ.

ජනාධිපති තුමාගෙන් විසදුමක් දෙන පිළිතුර මත තින්දු ගනිමු. මට බලය දීලා තියනවා.මම හිටලර් කෙනෙක් වාගේ තින්දු තිරණ ගන්නේ නෑ.තම තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකරගන්න යනවා වාගේ පෙනෙන්නේ . මෙයට විසදුමක් දෙන්න හැකියි. මේතන ගැටළුවක් නෑ.

දකුණු පළාත් සභාවේ මන්ත්‍රි ඒ.ජී.සී පියසරි මහතා (එජනිස)

 ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්මී කාන්ති මහත්මිය විසින් යම්  පැහැදිලි කිරීමක් සිදු කළ යුතුව තියනවා.

ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්මී කාන්ති මහත්මිය.

ජනාදිපති තුමාගේ අදහස හා චක්‍ර ලෙඛණ යටතේ මෙම පත්විම නිවැරදියි. නමුත්,සමහර දේශපාන පක්ෂවලට සම්බන්ධ මන්ත්‍රීවරු විවිධ අදහස් දැක්වුවා. නමුත්, මේ සම්බන්ධයෙන් නිච්චිත පිළිතුරක් ලබා දී නැත.චක්‍ර ලේඛන මත තමයි මෙය සිදුවන්නේ.සම සභාපති කම පිළිබදව ගැටළුවක් නෑ.

ඉමදුව ප්‍රාදේශිය සභා මන්ත්‍රි ලලෙන්ද්‍ර අද්දරගේ මහතා.( ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ )

මෙම වැරැද්ද කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. මේ නිසා මේ සම්බන්ධිකරණ රැස්විම  මේ තත්ත්වය ඇතිවෙලා තියනවා. එතුම මේ සම්බන්ධිකරණ රැස්විම මෙන්ම ලංකාවම අපහසුතාවයකට පත්කරන්න පියවර ගෙන තිබෙනවා රටම අරාජිකයි. රටම අරාජික කර තියනවා.

ඉමදුව ප්‍රාදේශය සභාවේ එජාප මන්ත්‍රිවරු තිදෙනා සභාවේ රැදි සිටිය අතර,ජවිපෙ මන්ත්‍රිවරයා ද සභාවේ රැදි සිටියහ.

මින් පසුව,  දකුණු පළාත් සභා මන්ත්‍රි ඒ.ජී.සී පියසිරි මහතා සහ ඉමදුව ප්‍රාදේශිය සභාවේ සභාපති හා මන්ත්‍රිවරු සභාව වර්ජනය කරමින් සභාවෙන් පිටව ගියහ. පසුව, සුපුරුදු පරිදි ඉමදුව සම්බන්ධිකරණ රැස්විම සම සභාපති නිතිඥ තාරක නානායක්කාර මහතා විසින් පවත්වාගෙන ගියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *