ස්මාට් ෆෝන් එක චාර්ජ් කරන මල් බඳුනක් (Video)

බාසිලෝනාවේ ආකයින් ටෙක්නොලොජීස් නම් සමාගමක් පැලයක් යෙදා ගෙන ජංගම දුරකථනයක් සම්පූර්ණයෙන්ම ආරෝපණය කළ හැකි ක්‍රමවේදයක් ගෙන තිබෙනවා. අවුරුදු කිහිපයක විද්‍යාඥයන්ගේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට Bioo lite නම් මල් බදුනක හැඩය ගත් නිෂ්පාදනයක් එළි දැක්වූවා. මෙම නිර්මාණය මගින් ප්‍රභාසංශ්ලේෂණය මගින් නිපදවන ශක්තිය උපයෝගී කරගෙන ස්මාට් ජංගම දුරකථනයක් ආරෝපණය (Charge) කරන්න පුළුවන්. මෙහිදී බදුනේ ඇති පැළය මගින් සිදුවන ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස නිපදවන කාබනික සංයෝග, බදුනේ පහළ කොටසේ ඇති බැක්ටීරියා ක්‍රියාකාරීත්වය මගින් බිද දමා ඉලෙක්ට්‍රෝන වෙන් කරනවා. එම නිදහස් වන ඉලෙක්ට්‍රෝන ජල කලාපයේ ඇති ජීව විද්‍යාත්මක නැනෝ වයර මගින් ගමන් කොට විදුලි බලයක් ලෙස USB කේබලය හරහා ජංගම දුරකථනය වෙත ගමන් කිරීම මගින් එය ආරෝපණය වීම සිදුවෙනවා.

වීඩියෝව පහතින්

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *