ඒකාබද්ධයේ ජනපති සටනට චමල් එයි ද ????

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් තුරුම්පු දෙකක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදෙන ඒකාබද්ධ විපක්ෂය නියජනය කරමින් නවතම ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ පරපුරේ ලොකු පුරුක වන චමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා වෙමින් ඇත. වාමාංශික දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වල වැඩි කැමැත්ත චමල් රාජපක්ෂ වෙත නැඹුර වීම මෙයට හේතුවී ඇත. කෙසේ වෙතත් ඒකාබද්ධය විපක්ෂය මේවනවිට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් තුරුම්පු දෙකක් තබාගැනීම තුල අවශ්‍ය අවස්ථාවේදී තුරුම්පු දෙක භාවිතයට ගැනීම සදහා විය යුතුය.

විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් එතුමාගේ අදහස වුයේ මේ මොහොතේ අහෝසි නොකල යුතුය යන මතයේ තමන් සිටින බවයි එක් තැනකට බලය කේන්ද්‍රගත නොවී පැවතියේ නම් අද රට විනාශයෙන් විනාශයට පත්වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.මේ ආකාරයෙන් රට පාලනය කරගත හැකිව තිබෙන්නේ ජනාධිපතිවරයාට ඇති බලතල අනුව යයිද ඒ මහතා සදහන් කරයි.

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාදිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන අපේක්‍ෂකයා ලෙස හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇත. එමෙන්ම .වාමාංශික දේශපාලන පක්‍ෂ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.මේ සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ මෙම තනතුර සදහා තවත් සුදුස්සන් සිටින නිසා ඔවුන්ගෙන් කෙනෙකු මේ සදහා සුදුසු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *