ජනපති අද පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සංසදය අමතයි

ජනපති අද පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සංසදය අමතයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සංසද රැස්වීමේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව ඇත.

“පොදු අනාගතයක් උදෙසා” යන තේමාව යටතේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ලබන 21 වනදා දක්වා පැවැත්වේ.

සෞභාග්‍ය, සුරක්ෂිත බව, සාධාරණත්වය සහ තිරසර බව යන අංශ ඔස්සේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම කෙරෙහි මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිතය.

ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද හමුවිය.

RN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *