ආප්පයක් මෙන් උඩින් යටින් ගිනියම් වන ලෝකය

ශ්‍රී ලංකාව් උණූසුමත් ඉහලට…..

පසුගිය කාල වකවානුවේදී අපගේ ප්‍රධානතම අවධානය යොමුව තිබුණේ ලෝකයේ විනාශවීම සම්බන්ධයෙනි. ලෝක විනාශය කෙසේ වුවත් මිනිසාගේ අහිතකර බලපෑම් හමුවේ ලෝකය විනාශ වෙමින් පවතින බව ප්‍රකට කරුණකි. ශ්‍රී ලංකාව් උණූසුමත් ඉහලට

මෙම ලෝකය විනාශවීම සම්බන්ධව පවතින ප්‍රධානතම සාධකය වන්නේ සීඝ්‍රයෙන් ඉහළ යන ගෝලීය උණුසුමයි. මෙහිදී ලොව පුරා විද්‍යාඥයින් සඳහන් කරනුයේ මෙහි ප්‍රතිඵලය ලෙස පෘථීවියේ අනාගතය සම්බන්ධව පවතිනුයේ අඳුරු චිත්‍රයක් බවයි. ඒ බව සනාථ කිරීමට ඔවුන් පධාන Þර්ශක කිහිපයක්ම ප්‍රකාශයට පත්කර ඇත.

මින් පළමුවැන්න උත්තර ධ්‍රැවයේ ආක්ටික් කලාපයේ සාගරවල පවතින අයිස් අධික ලෙස දියවී යාමයි. සාමාන්‍යයෙන් ආක්ටික් සාගරය වසර ගණනාවක් පැරණි අයිස් වලින් වැසී පවතියි. මෙහිදී උණුසුමී ග්‍රීස්ම සෘතුව අවසන් වුවද තවදුරටත් සාගර ජලයේ හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් අයිස් වලින් වැසී පවතියි. ඒ එදාය.

එහෙත් ලෝකයේ උණුසුම්වීම ඉහළ යාම නිසා ග්‍රීස්ම සෘතුවේදී දියවීගිය අයිස් ප්‍රමාණය යළි ශීත සෘතුවේදී ප්‍රතිනිර්මාණය වීම අඩුවී ඇත. සුදු පැහැති අයිස් පවතින විට ඒවා තාපය පරාවර්තනය කරයි. නමුත් අයිස් බවට පත් නොවූ ජලය තාපය උරා ගනියි. මේ නිසා අවට පරිසර වලින්ද හිම දියවීයාම වේගයෙන් සිදුවෙයි. තාපය උරා ගැනීමෙන් ජල බිංදු වායු ගෝලයට එකතු වෙයි. ජල තරංග හා සුළී කුනාටු හමුවේ අයිස් දියවීම වේගයෙන් සිදුවෙයි.

මේ සියල්ල සමග ආක්ටික් කලාපය වෙනදාට වඩා දෙගුණයක් පමණ උණුසුම් වීම සිදුවී ඇත. වසර 1400කට පසුව අයිස් නිර්මාණය වීම වඩාත්ම අවම අගයකට පත්වූයේ පසුගිය 1990 දශකයේ අග භාගයේදී පමණය. කෙසේ වුවත් මේ වනවිට ආක්ටික් සාගර කලාපයේ අයිස් වලින් වැසී පවතින්නේ හතරෙන් එකක් පමණි. මෙය මෑත භාගයේ අවම අයිස් ප්‍රමාණයයි. සමස්ත අයිස් ප්‍රමාණයද මීට දශක තුනකට පමණ පෙර තිබූ අගයට වඩා පහත් ඒකක ප්‍රමාණයකි. දැනට ඉතිරිව ඇත්තේ ඉතා තුනී අයිස් තට්ටුවකි. එයද වහා දියවී යන සුළුය.

2007 වසරේදී ජාත්‍යන්තර කාලගුණ කමිටුව (ෂබඑැරබ්එසදබ්ක ඡ්බැක දබ ජකසප්එැ ක‍ය්බටැි ජ් ෂඡධක‍- ප්‍රකාශ කළේ මෙම සියවස අවසන් වනතුරු ආක්ටික් කලාපයේ අයිස් දියවී නොයන බවයි. එහෙත් අප සිතා සිටියාට වඩා වැඩි වේගයකින් අයිස් දියවී යන බව දැන් ප්‍රකාශ කළ හැකිය.

???????? ???? ??????? ????.

පෘථීවිය මත වන ඉතා සුළු වෙනස්වීමක් වුවද සාගරය මතට දැවැන්ත වෙනසක් සිදු කරන බව හෙළිවී ඇත. මීට වසර 5500 පමණ පෙරදී සැවානා සහ උතුරු අප්‍රිකාවේ තෙත් බිම් ලෙස පැවති ප්‍රදේශ ශත වර්ෂ ගණනාවකින් කාන්තාර බවට පත්විය.

ගෝලීය උණුසුම් වීම පෙන්නුම් කරන අනෙක් ප්‍රධානතම හේතු සාධකය බලාපොරොත්තු නොවන ලෙස කාලගුණ -ැංඑරුපැ ඇ්එයැර- වෙනස්වීම අහිතකර ලෙස සිදුවීමයි.

නිදසුන් වශයෙන් පසුගිය කාලයේදී රුසියාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය 40 0ක‍ විය. ඇමරිකාවේ සහ කැනඩාවේ ඇතැම් ප්‍රදේශ වලට තද හිම පතන ඇතිවෙයි. අධික උණුසුම සමග ඇතිවන වායුගෝල කැලඹීම් ී්බාහ වැනි කුණාටු ඇති වෙයි. මේ සියල්ලෙම් පසුබිම ගෝලීය උණුසුම ඉහළ යාමයි. ජලය නොමැති විට නියඟය ඇති කරන අතර, අධික ජල ප්‍රමාණය රඳා පවතින වළාකුළු කඩා වැටීමෙන් වර්ෂාව ඉතා තදින් සිදුවෙයි.

අධික උණුසුම තද නියඟය සහ අධික වර්ෂාව යන සියල්ල ගෝලීය උණුසුමේ ආදීනව පෙන්වයි. මෙම බලපෑම වැඩි වශයෙන් උත්තර ධ්‍රැවයේ පවතින රටවලට සිදුවීම පසුපස ආක්ටික් කලාපයේ උණුසුම් වීම පවතින බවට විද්‍යාඥයෝ් තදින් විශ්වාස කරති.

උණුසුම් වීමේ ප්‍රතිඵලයක් ලෙස උත්තර ධ්‍රැවය හා ඝර්ම කලාප අතර උෂ්ණත්ව පරතරය අඩුවී යයි. කාලගුණ වෙනස්වීම අදාළ ස්ථාන වලට හිරවෙයි. මෙයට හේතුව උණුසුම් වීම ඉහළ යාම සමග කාලගුණ ප්‍රවාහ (න‍ැඑ ීඑරු්ප) චංචල නොවීමයි. මේ නිසා සමාන ලෙස කාලගුණ වෙනස්වීම් වටපිටාවේ ඇති නොවෙයි. අවසානයේ උතුරු අර්ධ ගෝලය පුරා වෙනදාට වඩා අහිතකර කාලගුණ වෙනස්වීම සිදුවෙයි. සැන්ඩි කුණාටුවට හේතුවද මේ අන්දමට ආක්ටික් අයිස් අහිමි වී යාම බව කාලගුණ විද්‍යාඥ ජෙනිෆර් ෆැන්සිස් සඳහන් කරයි.

මීට වසර මිලියන 3-5 කට පෙර ලෝක උෂ්ණත්වය අදට වඩා 20ක‍ ජ් 40ක‍ ප්‍රමාණයක් ඉහළ අගයක් දැරීය. මේ නිසා එම කාලයේදී භයානක සුළි කුණාටු නිතර ඇතිවිය. අදින් ඉදිරි දශකයේදීද මේ තත්ත්වයට මුහුණ දීමට අපට සිදුවනු ඇතිබව මැසේචුයේට් තාක්ෂණ ආයතනයේ කෙරේ වටානුවෙල්ගේ අදහසයි.

ගෝලීය උණුසුම් වීමේ ප්‍රතිඵලය ලෙස ලෝක ආහාර නිෂ්පාදනයටද වක්‍රව බලපෑම එල්ලවී ඇත. අධික උණුසුම සහ නියඟය හමුවේ ආහාර නිෂ්පාදනය බිඳ වැටීමත් අනතුරකට ලක්ව ඇත. මෙය ඇමෙරිකවෙට දැඩිව බලපෑ අතර, මහා බි්‍රතාන්‍යයට සිදුවූයේ අධික ලෙස ගංවතුරට මුහුණ දී තම වගාවන් විනාශ කර ගැනීමටය.

???????? ???? ??????? ????.

ෂඡධක‍ මගින් 2007 දී ප්‍රකාශ කළ පරිදි ලෝක උෂ්ණත්වය 1.7 0ක‍ ප්‍රමාණයකින් ඉහළ යාම ලෝක ආහාර නිෂ්පාදනයට හිතකරය.
නමුත් මේ අගය 3.5 0ක‍ වැනි ඉහළ අගයක් ගැනීම කිසිසේත් හිතකර නැත.
මේ නිසා පර්යේෂකයින් පෙන්වා දෙන්නේ ලෝක ආහාර නිෂ්පාදනය 1% – 3% ප්‍රමාණයකින් පහත වැටෙමින් පවතින බවයි. මේ නිසා
සංවර්ධන රටවල් නව තාක්ෂණික උපායන් යොදා ගනිමින් ලෝක ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට උත්සුක වෙයි. එසේ ස්වාභාවික
අහිතකරතා ජයගැනීම පහසු නැත.

ගෝලීය උණුසුම හමුවේ මුහුදු මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතියි. ග්‍රින්ලන්තය වැනි කලාපවල පවතින ඝන සුදු දීප්තිමත් අයිස් තට්ටු
දියවී ගොස් අඳුරු පැහැ අයිස් තට්ටු නිර්මාණය වෙමින් පවතියි. මේ වෙනුවෙන් අධික තාපය උරා ගනියි. අයිස් දියවී යාම මුහුදු ජල මට්ටම
මිලි ලීටර් 0.3 ප්‍රමාණයක් ඉහළ නැංවෙයි. එහෙත් ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ මෙම අගය මිලි ලීටර් 1.3 බැගින් වසරකට ඉහළ යන
බවයි.

මේ අතර තවත් විද්‍යාඥ පිරිසක් පවසන්නේ මේවන විටත් ග්‍රින්ලන්තය දියවී යාම අරඹා ඇති බවයි. මෙය ඉදිරි කාලයේදී බරපතල
අනතුරක් නිර්මාණය කරනු ඇත. කෙසේ වුවත් ඇතැම් භූගෝල විද්‍යාඥයින්ට අනුව 2100 පමණ වන විට මුහුදු මට්ටම මිටර් 2 කින් ඉහළ
යනු ඇත. මේ අනුව බොහෝ පහත් බිම් හා පහත් නගර යටවී යනු ඇත.

ගෝලීය උණුසුම සමග බටහිර ඇන්ටාක්ටිකා අයිස් තට්ටු දියවී යාමද සිදුවනු ඇත. මෙය බොහෝ සාගර වලට දැඩි බලපෑම් එල්ල කරනු
ඇත. මුහුදු මට්ටම ඉහළ යාම .එතරම් බරපතල කරුණක් ලෙස නොපෙනුනද ගෝලීය උණූසුම ඉහළයාමේ නරකම ප්‍රතිථලය එය බව
සාගර විද්‍යාඥ ස්ටෙෆන් රූට්ස්ටොන් සඳහන් කර සිටියි.

අප මේ වන විට උත්සාහ දරමින් සිටින්නේ හරිතාගාර වායූන් මුක්ත වීම හැකිතරම් අවම කර ගැනීමටය. එහෙත් සියු`ථ වළක්වාගැනීම්
තත්ත්ව යටතෙද් හරිතාගාර වායූන්ගේ ප්‍රමාණය ඉහළ යමින් පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

අප මුදාහරින ක‍ද2 වලින් හරි අඩකටවඩා වැඩි ප්‍රමාණයක් වායුගෝලයේ රඳා පවතියි. ඉතිරිය භූමියේ හා සාගරයේ විසිරී යයි. ගෝලීය
උණුසුම වැඩිවීම සමග සාගර ආදී අවශේෂ ස්ථානවල පවතින ක‍ද2 ද වායු ගෝලයට විමෝචනය වීම ඉහළ යයි.

???????? ???? ??????? ????.

සාගර පත්ලේ පවතින පාශාණ :ඡැරප්රේිඑ- මගින් ක‍ද2 රඳවා ගන්නා නමුත් ගෝලීය උණුසුම ඉහළ යාම සමග මෙම කොටස් වලින්ද
ක‍ද2 සැදී වායුගෝලයට මුදා හැරීම වේගවත් වෙයි.

අධික ලෙස ක‍ද2 වායුව නිකුත්වී පරිසරය උණුසුම් වූ පසුව අප තවත් උපායන් භාවිතා කරමින් ක‍ද2 නිකුත්වීම අවම කළද ඒ වන විට
සාගර පත්ල ආදීන් තාපයන්ට හැරී අධික ක‍ද2 ඉන් අනතුරුව දියවී වායුගෝලයට නිකුත්වීම සිදුවෙයි. මෙය පරිසර උෂ්ණත්වය ඉහළ
නැංවීමට හේතුවකි.

මේ තත්ත්වය යටතේ ඉතා අඩු ක‍ද2 ප්‍රමාණයක් නිකුත් වුවද, එය බරපතල ලෙස බලපාන බව විද්‍යාඥ මතයයි. මෙයට අමතරව ක‍ද2
වායුව නිකුත්වීම පාලනය වීමද සිතන තරම් වැඩි වේගයකින් සිදු නොවෙයි.

2003 වසරේ අගෝස්තු මාසයේදී ප්‍රංශය ඇතුළු ප්‍රදේශ වල උෂ්ණත්වය 40 0ක‍ වූ අතර මින් බොහෝ දෙනෙකු මිය ගියේය. 2008
වසරේදීද ගණනය පරිදි මෙම මියගිය ගණන 70000 කි.

උෂ්ණත්වය ඉහළ යාම නිසා මිනිසුන්ගේ ඵග\ලදායිතාවයද කැපී පෙනෙන ලෙස අඩුවී යයි. මහන්සිය :ැංය්මිඑසදබ-ල ආඝාත :යැ්රඑ
ිඑරදනැ- සහ වකුගඩු ආබාධ වලට :රුබ්ක ේසකමරු- ආදී රෝග රැසකට අත වනයි.

උෂ්ණත්වය ඉහළ යාම සමග මානසික ආතතිය :ීඑරුිි- ඉහළ යයි. කෙසේ වුවත් මෙම උෂ්ණත්වය :උැඑ ඉමකඉ ඔැපචැර්එමරු- 35 0ක‍
විට අපට ජීවත්වීමට අපහසු වනු ඇති බව පර්යේෂණ මතයයි. අපට වඩා වැදගත් වන්නේ වායු ගෝලීය උෂ්ණත්වය නොවෙයි. අපගේ සම
අවට උෂ්ණත්වයයි. අධික ලෙස දහදිය දැමීම අපගේ සම සීතල කරයි. එහෙත් අර්ිද්‍රතාවය වැඩි පරිසරයේදී මෙය අඩාල වෙයි. මේ
ද්විත්වයේ :යැ්එ රැ යමපසඑසඑහ- එකතුව ඇඑ-ඉමකඉ එැපචැර්එැ කෙරෙහි හේතුවෙයි. දැනට මෙහි උෂ්ණත්ව අගය 310ක‍ වෙයි. මෙම
අගය ඉහළ යාම සෞඛ්‍ය ගැටළු රැසකට හේතුවෙයි.

අප්‍රිකාව, ඕස්ටේ්‍රලියාව, චීනය, බ්‍රසීලය, ඉන්දියාව හා ඇමෙරිකාව ඇතැම් ප්‍රදේශ වල දැනටමත් වසරේ ඇතැම් කාලවල ජීවත්වීමට
වෙයි. දැනට මෙහි උෂ්ණත්ව අගය 310ක‍ වෙයි. මෙම නොහැකි ලෙස උෂ්ණත්වය ඉහළ ගොස් ඇත.

???????? ???? ??????? ????.

මෙයට වසර මිලියන 250 කට පෙර ලෝක විනාශයට හේතුවුණ මෙම උෂ්ණත්වය ඉහළ යාමයි. ලෝක තාක්ෂණිකකරණය ඉදිරියට
ගොස් පරිසර විනාශය මේ අත වනන්නේ මායාවරුන් පැවසූ ලෝක විනාශයට නොව සැබෑ ලෙස මිනිසා විසින් මිනිසාගේ ලෝක විනාශය
සිදුකර ගැනීම තවත් පරම්පරා කිහිපයකින් ලෝකය විනාශ වී යාම මේ තත්ත්වය යටතේ වළක්වා ගැනීම දුෂ්කර බව විද්‍යාඥ මතයයි.
ඔබ කොතනද ?
වෛද්‍ය ජී.ජී. චමල් සංජීව
ඔAස්ටේ්‍රලියාවේ පර්ත් නුවර සිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *