පරාජය වු මන්ත්‍රින්ට මැති ඇමති පිහිටෙන් පිං මන්ත්‍රීකම් !

 අතිරේක ලැයුස්තුවේ සුදුසුකම් ලැබූ මන්ත්‍රිගේ කෝපයට

2018 පළාත් පාලන මැතිවරණය  සඳහා සමහර පක්ෂවලින් කොට්ඨාස මට්ටමින් තරඟ කර පරාජය වු  පුද්ගලයන් නැවත අතිරේක ලැයිස්තු තුළින් පළාත් පාලන ආයතන සඳහා නම් කිරිමට සුදානම් විමත් සමඟ අතිරේක ලැයිස්තුවල නම් කර සිටි පුද්ගලයන් දැඩි කලකිරිමට පත්ව ඇත. මෙය රටපුරාම සිදුව ඇතැයි අතිරේක ලැයුස්තුවේ සිටින අපේන්ෂකයෝ පෙන්වා දෙති.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ප්‍රාදේශිය සභා නගර සභා හා මහ නගර සභා  සඳහා දේශපාලන පක්ෂ කිපයකම අපේක්ෂකයන් අදාළ පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාස මට්ටමින් තරඟ කල අතර එම පක්ෂ මගින් අතිරේක ලැයිස්තු සදහාද අපේක්ෂකයන් නම් කරන ලදි.

එහෙත් මැතිවරණයෙන් පසුව සමහර පක්ෂ ඔවුන්ට හිමි ප්‍රසාද මංත්‍රිධුර සඳහා අතිරේක ලැයිස්තු සඳහා නම්කරන ලද අපේක්ෂකයන් වෙනුවට කොට්ඨාස මට්ටමින් තරඟ කර පරාජයට පත්වු හිතවත් පුද්ගලයන් නම් කිරිමට ඒ ඒ පක්ෂවල මැති ඇමතිවරු හා ආසන සංවිධායකයින්  පියවර ගැනිමත් සමඟ මෙම තත්ත්වයන් උදාවී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන අතිරේක ලැයිස්තුවල නම් සදහන් කිප දෙනකුම පවසනුයේ මෙය වැරදි සහාගත ක්‍රියාවක් බවත්ය.

කොට්ඨාස මට්ටමින් තරඟ කර ජය ගැනිමට නොහැකිවුයේ එම ප්‍රදේශයේ ජනතාව විසින් එම පුද්ගලයා ප්‍රතික්ෂේප කල බැවින් බවත් එසේ තිබියදි එවැනි පුද්ලයන් නැවත පත් කිරිම එම ප්‍රදේශයේ ජනතාවට කරනු ලබන නිගාවක් බවත්ය.තමනටද අවස්ථාවක් නොදා ජයගත හැකි යැයි කියමින් තරඟ කර දැනට පරාජය වු පසුව, යළිත් දේශපාලන හේතු කාරණ හා මැති ඇමතිවරුන් හා සංවිධායකයින්ගේ තින්දු තිරණ හා බැල මෙහෙවර කරන්නට  ජනතාව එපා කී අය යළිත් පිං මන්ත්‍රි කම් ගන්නට කටයුතු කරන නිසා මේය අතිරේක ලැයුස්තුවේ මන්ත්‍රිවරුවන අප හට බරපතල අසාධාරණයක් සිදුව ඇතැයි ඔවුහු  පෙන්වා දෙති.

එමෙන්ම පසු ගිය පලාත් පාලන මැතිවරණයේදි අතිරේක ලැයිස්තුවෙන් නම් කරන ලද තමන්ද පක්ෂය වෙනුවෙන් දැඩි කැපවිමක් කල බවත් එසේ කරන ලද්දේ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් මෙන්ම ප්‍රසාද මංත්‍රිධුර තමන්ට ලැබෙනු ඇතැයි විස්වාසයකින් වුවත් මෙසේ පක්ෂ නායකත්වයන් තමන් රැවටිමට ලක්කිරිම දැඩි කනගාටුවක් බවද එම පිරිස් පවසති.

පක්ෂයේ උන්නතිය උදෙසා මැතිවරණයේදි විවිධ කැපකිරිම් කල තමන් මෙසේ රැවටිමට ලක්කරන මෙම පක්ෂ නායකයන් ජනතාව කෙසේ රැවටිමකට ලක්කරයිද යන්න තමන්ටද නොතේරන බවද ඔවුන් තව දුරටත් පවසන ලදි. මේ අනුව, ඉදිරයේ දි එසේ කළ හොත් තම තමා තම පක්සයේ ක්‍රියා කාරි දේශපාලනයෙන් ඈත්ව සිටින බවද ඔවුහු පෙන්වා දෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *