පුංචි ඡන්දයේ උණුසුම මැද ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාව හිමි කර ගනී

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ලකුණු  215 කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

තුන්වන දිනය වූ අද තරඟය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 08ක් දැවී ලකුණු 200ක් රැස් කරගෙන සිටි අතර දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 226ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී රැස් කර ගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 123ක් පමණයි.

ඒ අනුව තරඟ 02කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ 01 ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මේ අතර වමත් දඟපන්දු යවන්නෙකු ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට රංගන හේරත් මෙහිදී සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *