ජාතික තලයේ දේශපාලනඥයින් ඡන්දය ප්‍රකාශ කරයි. (ඡායාරුප සහිතයි)

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට ජාතික තලයේ දේශපාලනඥයින් බොහෝ පිරිසක් මේ වන විට සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කළා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිට්ටඹුව  සංඝබෝධී විද්‍යාලයේදීද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා නුගේගොඩ මහමයා විද්‍යාලයේදී, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා උඩහමුල්ල කියවීම් ශාලාවේදී ද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා මාදිවෙල රාහුල විද්‍යාලයේදී ද ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා නුගේගොඩ ශන්ත ජෝෂප් විද්‍යාලයේදී ද ඡන්දය ප්‍රකාශ කළා.

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මැදමුලන ඩී.ඒ රාජපක්ෂ විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කල අතර ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත අබේසිංහාරාමයේදී සිය ඡන්දය ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *