බැදුම්කර ගනුදෙණුව පිළිබද වාර්තාව හා ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අතර පරස්පරයක් – වාර්තාව ප්‍රසිද්ධ කරන්න 

බැදුම්කර ගනුදෙණුව පිළිබද වාර්තාව හා ජනාධිපතිවරයා ඒ පිළිබදව කළ ප්‍රකාශය අතර පරස්පරයක් පවතින බවත් මේ හේතුවෙන් වාර්තාව ජනතාවට දැනගත හැකි පරිදි ප්‍රසිද්ධ කල යුතු බවත්  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ  සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබද සැකයක්  පවතින බවයි.

අදාළ නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබෙනවා.

මාස දහයක පමණ කාලයක් පරීක්ෂණ පැවැත් වූ ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාරදෙන ලදී. එම වාර්තාව උපයෝගී කරගෙන ජනාධිපති වරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබද සැකයක් අප සංවිධානය වෙත මතුවී ඇත.

විශේෂයෙන්ම ජනාධිපති වරයාගේ ලේකම්වරයෙකු විසින් අදාල විමර්ශන වාර්තාව අතිශෝක්තියක් ගෙනදෙන ආකාරයට රචනාකර ඇති බව පෙනීයන අතර  එසේ කර ඇත්තේ ජනතාව සතුටු කිරීම සදහාය. නීතිපතිවරයා කටයුතු කරනුයේ ජනාධිපති වරයාගේ ප්‍රකාශයට අනුව නොවන අතර ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිසමේ වාර්තාවට අනුවය. නඩු පවරන්නේ ද ඒ අනුවය.

එම නිසා ජනාධිපතිවරයා විසින් වහාම ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිසමේ වාර්තාව ජනතාවට බලා ගැනීම සදහා ප්‍රසිද්ධ කලයුතුය.

මෙයට, විශ්වාසි

 රංජිත් විතානගේ – සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *