දස හැවිරිදි දරුවා හම ගැසූ මරු පියා//update V //cut

මම ජිල්බෝල සෙල්ලම් කරන්න ගොඩක් ආසයි!!!

මම හැමදාම සෙල්ලම් කරනවා ජිල්බෝල සෙල්ලම කරන්න ගොඩක් ආසයි එදා රෑ ටිකක් වැඩිපුර සෙල්ලම් කළා.තාත්ත ඇවිත් මාව එක්කරගෙන ගිහින් ගැහුවා ඊට පස්සේ ගෑස් ලිප පත්තු කරලා හැන්දක් රත්කලා!!! අම්මා මගේ අත්දෙක පිටිපස්සට කරලා අල්ල ගත්තා… මම එපා එපා කියල කෑ ගසද්දී රත්කරපු හැන්ද කකුල් දෙකේ සහ අත් දෙකේ තිබ්බා. මේ පුංචි සුර්දීන් ගේ කථාවය

මිනුවන්ගොඩ කෝපිවත්ත ප්‍රදේශයේ අවු 10 ක් වන ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක 5 වසරේ ඉගෙනුම ලබන මහමුද් සූර්දීන් දරුවා මෙම සිද්ධියට මුහුණ පා ඇත. මීට දින දෙකකට පමණ පෙර දරුවා පහරකෑමට ලක්වන ලදී. මුලින් තුවාල වලට අත්බෙහෙත් කලද දරුවාට නිසි ප්‍රතිකාරයක් ලබාදීමට කටයුතු කර නොමැත. මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසියට තොරතුරු ලැබීමත් සමග වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපති වරයා සහ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාල නිවසට ගොස් දරුවා පොලිස් භාරයට ගන්නා ලදී.

දරුවාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු අධිකරණ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත් කිරීම සදහා ගම්පහ මහ රෝහලට රැගෙන එන ලදී.සිද්ධිය සම්බන්ධයෙන් මව සහ පියා පොලිස් භාරයට ගෙන ඇත. මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජීවක රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ පො. කෝ. තිවංක (55450) සහ ක .පො නිරංජලා (4088) යන නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *