ඕස්ට්‍රේලියානු අගමැති දිවයිනට

නිල සංචාරයක් සදහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අද (2) උදෑසන 7.10ට පමණ ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියා.ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සමඟ 13 දෙනෙකු මෙම දූත පිරිසට එක්ව තිබෙනවා.
ඕස්ට්‍රේලියානු  අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ මෙම සංචාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර පසුව  අද දහවල් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමටද  නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *