අයහපත් කාලගුණය නිසා විදේශීය හෙළිකොප්ටරය මීරිගමට

ගොඩබාන අවස්ථාව වනවිට ප්‍රදේශයට දැඩි වර්ෂා පතනයක්

අද රාත්‍රී 7 ට පමණ ඇමරිකානු ජාතිකයින් 4 දෙනෙකු රැගත් මිලේනියම් ගුවන් සමාගමට අයත් රොබින්සන් 60 වර්ගයේ හෙළිකොප්ටර් යානය පවතින අයහපත් කාලගුණය නිසා මීරිගම ලෝළුවාගොඩ කැමිලස් වත්තට හදිසියේ ගොඩබා ඇත සිධියෙන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැත.

යානය කැමිලස් වත්තට හදිසියේ ගොඩබාන අවස්ථාව වනවිට ප්‍රදේශයට දැඩි වර්ෂා පතනයක් තිබුනද ගුවන් නියමුවාගේ දක්ෂතාවය නිසා යානය නිරුපද්ධතිව ගොඩබස්වා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන අතර යානයට පොලිස් ආරක්ෂාව සපයා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *