රවීට එරෙහි විශ්වාසභංගය පිලිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ලබන බ්‍රහස්පතින්දා.

අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව
සම්බන්ධයෙන් ගනුු ලබන ඉදිරි ක්‍රියාමාර්ග මොනවාදැයි ලබන බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

අදාල විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව සඳහන් කළා.

ආණ්ඩුව වෙනුවෙන් මෙම සංවාදයට එක් වු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ කථානායකවරයාගේ තීරණයට ආණ්ඩුව එකඟ වන බවයි.

අද (08) පැවති පක්ෂ නායක රැස්වීමේ දී ද මෙම තීරණයට එකඟ වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *