20 වන ව්‍යවස්ථා සංශෝධනය ගේන හෙතුව ජනිපේ කියයි

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර  මේ බව කියා සිටියේ කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
රට බෙදන්නේ ව්‍යවස්ථාවෙන් නොවන බවත් රට බෙදන්නේ ජාත්‍යන්තර මැදිහත්වීමෙන් බවත් එතුමන් ප්‍රකාශ කළේය.
20 වන ව්‍යවස්ථා සංශෝධනය හැකි නම් ගෙන එන ලෙසත් ජාතික නිදහස් පෙරමුණ ජීවිත පූජාවෙන් හෝ පරාජය කරන බව ජයන්ත සමරවීර මහතා පැවසීය.
20 වන ව්‍යවස්ථා සංශෝධන පරාජය කිරීමේ පළමු පියවර වශයෙන් ලබන 3 වන දින රට පුරා අත් පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බවද ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *