20 න් වැඩිම වාසිය තියෙන්නේ මහින්දට–අනුර කුමාර දිසානායක

20 න් වැඩිම වාසිය තියෙන්නේ මහින්දට–අනුර කුමාර දිසානායක

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වැඩිම වාසිය හිමිවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

දැන් තියෙන ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇතිවුවහොත් අගමැතිවරයාට ජනාධිපති වීමේ අවස්ථාව හිමිවන බවත් එහෙත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වුවහොත් ඔහුට ජනාධිපති වීමේ අවස්ථාව අහිමි වන බවද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එහෙත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මහින්ද රාජපක්ෂ මහතාට බලවත් අගමැතිවරයෙක් වීමේ අවස්ථාව හිමිවන බවද පැවසීය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවෙන් මාස 7 ක කාලයක කාලයක් අඩුවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *