19 ව්‍යවස්ථාව සංශෝධනය කරනවා MCC අධ්‍යනයට කමිටුවක් පත්කරනවා

ජනපතිගේ මීළග ඉලක්කය 19 වන සංශෝධනය අහෝසි කිරීම නම්

පසුගිය යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව එජාපයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැදිහත්වීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇති කරන ලදී ඒ 2010 සහ 2015 අතර කාලයේදී බලය හෙබවූ මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට දුරය දැරිය හැකි කාලය අවස්ථා මින් පෙර තිබූ දෙක ඉවත්කරමින් ඕනෑම කාලයක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සහ දුරය දැරීමට ඇති අවස්ථාව සලසා ගන්නා ලදී.

එවකට විපක්ෂයේ බොහෝ කණ්ඩායම් සදහන් කලේ මහින්ද රාජපක්ෂ මහතා ඒකාධිපති ගමනකට සුදානම් වන බවයි එම 18 වන ආණ්ඩුක්‍රම ව්යිවස්ත සංශෝධනය සම්බන්ධයෙන් 2015 ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රබල මාතෘකාවක් වන ලදී අනතුරුව පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු හවුල් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල එකගත්වයෙන් 19 වන විවස්තා සංශෝධනය සිදුකරන ලදී.

එම විවස්තව මගින් කොමිෂන් සභා කිහිපයක් පිහිටවන ලදී අනතුරුව තම බලතල කප්පාදු කල බව පවසමින් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු විසින්ම ගෙන ආ 19 වන විවස්තා සංශෝධනය අසාර්ථක බවත් එය අහෝසි කල යුතු බවත් සදහන් කරන ලදී එහෙත් මෙරට සිවිල් පුරවැසියන් බහුතරයක් 19 වන ව්යිවස්තා සංශෝධනය සාර්ථක බව කියා සිටින ලදී එවන් පසුබිමක වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දින 19 වන ව්යිවස්තා සංශෝධනය සම්පුර්නයෙන්ම අහෝසි කිරීමට කටයුතු කරන බව අද දින (16) පුවත්පත් කර්තෘවරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී එසේ පවසා තිබේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළු රටම අවුල් කළ බව කී ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙනයාමට නම් එය අහෝසි කළ යුතු බව කීවේය.
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවක් පවත්වමින්, සුදු වෑන් සිද්ධියක් පිළිබඳව අනාවරණය කළ සැකකරුවන් දෙදෙනා පිළිබඳව මාධ්‍ය ප්‍රධානියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා මෙතෙක් ආ දේශපාලන සංස්කෘතිය අනුව බොරු කියා ඡන්දය ගැනීම සම්ප්‍රදායක් වී ඇති බව කීවේය.

තමා එවැනි දේ නොකරන බවත් , තමාගේ උත්සාහය ඒ තත්වය වෙනස් කර, නව දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම බවත් ජනාධිපතිවරයා කීවේය.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්නේදැයි මාධ්‍ය ප්‍රධානියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා විශේෂඥ කමිටුවක් පත්කර එය රටට හිතකරද අහිතකරද යන්න බලා ඉදිරි කටයුතු තීරණය කරන බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *