1990 සුව සැරිය විනාශ විමට ඉඩ නොතබන්න

1990 සුව සැරිය විනාශ විමට ඉඩනොතබන්න— 2018 අය වැයෙන් වෙන්වූ මිලියන 600 ක මුදලින් කිසිදු සංවර්ධනයක් සිදු වී නැහැ- සුව සැරිය සේවක සංගමය

සුව සැරිය සේවක සංගමයට වෙනුවෙන් 2018 අය වැයෙන් වෙන්වූ මිලියන 600 ක මුදලින් කිසිදු සංවර්ධනයක් සිදු වී නොමැති බව සුව සැරිය සේවක සංගමයේ උප ලේකම් මදුසංක ලක්මාල් මහතා ඊයේ(25) මාධ්‍ය හමුවකදී පැවසීය
ලක්මාල් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය

2018 අයවැයේදී රුපියල් මිලියන 600 ක් වෙන් කලා. ඒ වෙන් කලේ සුව සැරිය සඳහා.මේ මිලියන 600 ව්‍යාපෘතියෙන් අපි කරන්න හිටියේ දිවයින පුරා උප කාර්්‍යාල බිහිකරන්න. ඒ උප කාර්්‍යාල බිහිකරන්න හේතුව තමයි ගිලන් රථ අව්වට වේලෙනවා. වැස්සට තෙමෙනවා. මේ ගිලන් රථ ඇතුලේ තියෙනවා රෝගීන්ට ලබා දෙන fඖෂධ. මේ fඖෂධ නිසි තත්ත්වයේ තියෙන්න ඕනෑ. අවුවට වේලෙන හා වැස්සට තෙමෙන එකක් ඇතුලේ fඖෂධ තියෙන්න බෑ. ඒවා විනාශ වෙනවා.

සේවකයින්ට ඉන්න හිටින්න තැනක් නෑ. අඩුම තරමින් මූලික පහසුකමක් වත් නෑ. මේ පහසුකම් සලසන්න තමයි මිලියන 600 ක් වෙන් කලේ. මූලිකව ඒ සඳහා මිරිහාන පොලීසියේ එක සේවා ස්ථානයක් ඉදි කරන්න කටයුතු කලේ. ඒ සේවා ස්ථානයවත් අද වෙනකොට සම්පූර්ණ කරලා නෑ. අපිට දැනගන්න ඕනෑ ඇයි මේ ව්‍යාපෘතිය නතර වුනේ. මේ රුපියල් මිලියන 600 ට මොකද වුනේ. මේ ගැන අපට පැහැදිලි පිළිතුරක් ලැබිලා නෑ.මේ ගැන රාජ්‍ය විගනනයක් කරන්න.

සුවසැරිය සේවක සංගමයේ සභාපතිනිය මයුමි ප්‍රියංගිකා වීරසිංහ මහත්මිය
අපි මේ සේවක සංගමය ඇති කලේ 1990 සුවසැරිය සේවය බිඳ වට්ටන්න නොවෙයි . මේ සංගමය ඇති කලේ සේවකයින්ට අඩුපාඩු ලබා දීමටත් , ඔවුන්ට අවශ්‍ය නිසි තැන ලබා දීමටත්. සමහර කෝරෝනා රෝගීන් ඉන්නවා අවුරුදු 80 අනූවේ අය . අපි එයාලව අතින් අල්ලලා තමයි ගිලන් රථයට දා ගන්නේ. අපි එයාල දාල එන්නේ නෑ. නමුත් රෝහල් වල වෛද්‍ය වරු ඉන්නේ වීදුරු කුටීර තුල . හෙද මණ්ඩලය ඉන්නේ කුටීරයක් තුල. ඒ අයට විශේෂ පහසුකම් ඔක්කොම තියෙනවා. නමුත් අපේ සේවකයෝ ලෙඩෙක් ගන්න යන්න කොහොමද කියලා තමුන්නාසේලා දැකලා ඇති. නමුත් මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ රජය අපහසුතාවයකට පත්කරන්න නොවෙයි. අපි කැමතියි පුළුවන් තරම් සාකච්ඡා මාර්ගයෙන් මේවා කතා කරලා විසදා ගන්න.

මෙහෙම ගියහොත් මේ ගිලන් රථ 298 නවතින දවසක් එයි. අද මේ ගිලන් රථ දිරායන මට්ටමකට පැමිණිලා තියෙනවා. ගිලන් රථ වල යකඩ කොටස් මල බැදිලා තියෙනවා. එහෙම වුනහම කිසියම් දවසක මේ 298 නවතියි. එතකොට මේ සියලු සේවකයින්ගේ අයිතිවාසිකම්, වරප්‍රසාද සියල්ලක්ම නැතිවෙලා යනවා. මේ සඳහා ගරු ජනාධිපතිතුමාගේ , අගමැතිතුමාගේ අවධානය යොමු නොවුනොත් සේවකයින් හැටියට අපිට වෘත්තීය ක්‍රියා මාර්ග ගන්න සිද්ධ වෙයි.

මේ දීලා තියෙන අවම පහසුකම යටතේ සේවය කරන එක අපට ගැටලුවක් නොවෙයි. අපිට මේ වන විට ඉන්න තැනක් නෑ. තැන් තැන්වල තමයි ඉන්නේ. සමහර පොලිස් ස්ථානවල ගිලන් රථය තියන්න තැනක් නෑ. අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා. සේවකයින්ගේ වැටුප මොන වදිහට හැදෙනවාද කියලා අපි දන්නේ නෑ. කළමනාකාරිත්වයෙන් කිසියම් ක්‍රමවේදයක් සකස් කරලා තිබ්බත් ඒකේ කිසිම විනිවිදභාවයක් නෑ. අපිට වැටුප සමග පඩිපතක් ලැබෙන්නේ නෑ. ඒක මූලික ප්‍රශ්නයක්. සේවකයා දන්නේ නෑ මේ මසයට කොච්චර පඩියක් ලැබෙනවාද කියලා.

ඉන්දියාවෙන් ලබා දුන්න මේ වාහන දිරා පත්වෙලා ගියාට පස්සේ මේ සේවකයින්ට මොකද වෙන්නේ කියලා අපි දන්නේ නෑ. දැනට 1364 කට අධික සේවක පිරිසක් සුව සැරියේ සේවය කරනවා. මේ සේවකයන්ගේ සේවය සුරක්ෂිත කරන්න ඕනෑ කියන එක අපි මේ වෙලාවේ පැහැදිලිව කියනවා. මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවල බලධාරීනගේ අවධානය යොමු කල යුතුයි. අපේ සේවකයෙක් බැංකු ණය පහසුකමක් හෝ වෙනත් රජයේ සේවයක් ලබා ගැනීමට ගියහොත් පැහැදිලි ප්‍රශ්නයක් ගොඩ නැගෙනවා අපි මොන කොට්ඨාශයටද අයිති කියලා.

අපිට වැටුප හම්බවෙලා මාසයක් දෙකක් ගියාට පස්සේ තමයි වැටුප් පත හම්බවෙන්නේ. මම හිතන්නේ අපේ ආයතනය කිසිම රාජ්‍ය විගනනයක් වෙලා නෑ. රජයෙන් වෙන් වෙච්ච මුදල් වලින් අපිට වෙච්ච කිසිම සුබ සාධනයක් අපිට වෙලා නෑ.

සුව සැරිය සේවක සංගමයේ උප ලේකම් මදුසංඛ ලක්මාල්
සුවසැරිය සේවක සංගමයේ උප සභාපති ආර්.එම්.ආර් එස් රාජනායක මහතාද අදහස් දැක්වීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *