ඇදිරි නීතිය කඩකළ පුද්ගලයන් 1754 ක් සහ වාහන 447 පොලිස් භාරයට

රජය මගින් ඇදිරි නීතිය පනවා තිබූ කාලසීමාව තුල ඇදිරි නීතිය නොතකමින් කටයුතු කල පුද්ගලයන් 1754 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රීරෝද රථ යතුරු පැදි සහ වෙනත් වාහන 447 පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි මෙයින් වැඩිම ප්‍රමාණයක් යතුරු පඩි සහ ත්‍රීරෝද රථ බවද සදහන් ය ඇදිරි නීතිය පනවා තිබූ අවස්ථාවෙ ප්‍රධාන මාර්ග වල සහ අතුරු මාර්ග වල ගමන්ගත් පුද්ගලයන් සහ වාහන පොලිස් භාරයට ගෙන ඇත

ඉදිරි දිනවලද පොලිස් ඇදිරි නීතිය පනවන අවස්ථාවන් වල අණ නොතකමින් කටයුතු කරන පුද්ගලයන් සහ කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඇදිරි නීතිය පනවා ඇති මොහොතේ නිවෙස් වලට වී සිටින ලෙසත් පොලිස් මුලස්ථානය දැනුම් දෙයි අද පෙරවරු 6 ට ඇදිරිනීතිය අවසන් කල පළාත්වලට අද පස්වරු 2 සිට ඇදිරිනීතිය පනවන බවත් පොලිස් මුලස්ථානය සදහන් කරයි

අද ඇදිරිනීතිය ඉවත් නොකළ පළාත්වලට හෙට පෙරවරු 6 සිට ඇදිරිනීතිය ඉවත්කර නැවත පස්වරු 2 සිට ඇදිරි නීතිය පනවන බව සදහන්කරයි .ඇදිරි නීතිය ඉවත් කරන අවස්ථාවේදී නිවෙසින් බැහැරට නොයන ලෙසත් නිවසේ එක් අයෙකු පමණක් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් වෙනුවෙන් නගරයට හෝ කඩපිලට යන ලෙසත් ඔහුද නිසි සෞඛ්‍ය ආරක්‍ෂිත වැඩපිළිවෙලක් අනුගමනය කරන ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම් දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *