රිය අනතුරින් ඇගලුම් සේවිකාවන් 4 රෝහලේ

සේවකයින් ප්‍රවාහනය කරමින් තිබු බස් රථය

ඉමදුව අහංගම මාර්ගයේ දික්කුඹුර මංසන්දිය ආසන්නයේ 08 දින උදෑසන ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ හැපීමෙන් වෑන් රථයේ රියදුරු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර බව ඉමදුව පොලිසිය පවසයි.

උදෑසන හතට පමණ මෙම අනතුර සිදුව ඇති අතර වෑන් රථයේ සිර වී සිටි රියදුරු ප්‍ර දේශවාසීන් විසින් පැය භාගයක පමණ වෙහෙසක් දරා මුදා ගෙන රෝහල් ගත කර ඇත. කොග්ගල පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවක් සදහා සේවකයින් ප්‍රවාහනය කරමින් තිබු බස් රථය ඉමදුව දෙසිනුත් අදාල සේවකයින් ප්‍රවාහනය අවසන් කරමින් නැවත පැමිණෙන වෑන් රථය අහංගම දෙසිනුත් පැමිණ ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඉමදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *