මන්ත්‍රීවරුන් පිළිගැනීමේ උත්සවයේ මුදල් නොදී සිටිහොත් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා -ප්‍රාදේශීය සභාවේ සභාපති

 මොන චංඩිකම් දැම්මත් විගනණයට ලක්වෙන දේවල් වලට ගෙවන්න අනුමත කරන්න මට බෑ – මහ ඇමති ෂාන් විජේලාල්

 

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිළිගැනීමේ උත්සවයේ මුදල් අනුමත නොකරන්නේ එම උත්සවය පක්ෂයක් විසින් සංවිධානය කර තිබු එකක් නිසා බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.

පසුගිය දා පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ දී අම්බලන්ගොඩ ප්‍රා දේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ  මහතා  ( ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) දකුණු පළාත් මහ ඇමති ෂාන් විජේලාල් මහතාට එරෙහිව චෝදනාවක් කරමින් කියා සිටියේ තමන් සමුපකාර ඡන්දය දිනා පළාත් පාලන ආයතනය ද ජයග්‍රහණය කරපු නිසා පෙහොට්ටුවට බලය හිමි අම්බලන්ගොඩ ප්‍රා දේශීය සභාවේ සභාපති වන තමන් ට මහ ඇමති ෂාන් මෙසේ සිදුකරන බවත් මෙසේ මුදල් නොදී සිටිහොත් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

එම අවස්ථාවේ දී එම ස්ථානයේ නොසිටි මහ ඇමති ෂාන් විජේලාල් මේ සම්බන්ධයෙන් 01 දින පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ වැඩිදුරටත් කරුණු දැක්වීය.

දකුණේ සියළු ආයතන වලට සමාරාම්භක උත්සවයට පළාත් සභාව ලෙස අපි මුදල් දුන්නා. ඒ ආයතන වලින් 90% කටත් වැඩි ප්‍රමාණයක් පොහොට්ටුව ජයග්‍රහණය කරපු ඒවා. නමුත් එම ආයතන නිවැරදි ක්‍රමයට මෙම කටයුත්ත සිදුකර සභා ලේකම් මඟින් මුදල් ඉල්ලා තිබුණා. අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මෙම උත්සව සංවිධානය කර තිබුණේ සංවිධායක කමිටුවක් මඟින්. සභා ලේකම් සංවිධානය කරලා ආරාධනා කරන උත්සව වලට පමණයි අපි ගෙවන්නේ එක එක පක්ෂ වලින් උත්සව සංවිධානය කරා කියලා පළාත් සභාවට බෑ ගෙවන්න. දකුණේ අනිත් සියළු පළාත් පාලන ආයතන සභා ලේකම් තමයි උත්සවය සංවිධානය කරලා තිබුණේ. මුදල් ඉල්ලන්නෙත් සභා ලේකම් අපි ඒවට ගෙව්වා. අම්බලන්ගොඩ නගර සභාවටත් ගෙව්වා. ඔය විදියට එජාපයේ අයත් එජාප මන්ත්‍රීන් පිලිගන්න කියලා උත්සවයක් සංවිධානය කරලා ඒකට මගෙන් සල්ලි ඉල්ලාවි.  ඔය මොන චංඩිකම් දැම්මත් විගනණයට ලක්වෙන දේවල් වලට ගෙවන්න අනුමත කරන්න මට බෑ. ඔය සභාපති ගැන මම දන්නවා. එතුමා ඔය පුටුවට ගෙනාවේ මම පුළුවන් දෙයක් කරන්න කියන්න. මම නම් ගෙවන්නේ නෑ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ අදාල උත්සවයට අදාල ලිපි ගොනුව ඉදිරිපත් කරමින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මාධ්‍ය ඇමතූ අවස්ථාවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *