රට පුරා වෙසක් දින අනතුරු රැසක්

ත්‍රීරෝද රථ අනතුරකින් රියදුරු මරුට

සුනෙත් ගාල්ලගේ ගාල්ල    2018.05.01

සිය මිතුරන් සමඟ දන්සැලක් පවත්වා සිංගප්පුරුව සුනාමි ගම්මානයේ සිය නිවස බලා එමිනි සිටි තරුණයා 30 දින හැන්දෑවේ සිදු වු අනතුරකින් මියගොස් ඇත. ගාල්ල සිට මාතර දිශාවට ගමන්ගත් ත‍්‍රී රෝද රථයක පිටුපස එම දිශාවටම ගමන්ගත් වෑන් රථයක ගැටීමෙන් වූ අනතුරින්  ත‍්‍රී රෝද රථයේ රියැදුරු   මියගිය බව හබරාදුව පොලීසිය කියයි.

එසේ මියගොස් ඇත්තේ,  මියගොස් ඇත්තේ 34 හැවිරිදි අහංගම, ගුරුල්ලවල, සිංගප්පූරු ගම්මානයේ පදිංචි විවාහක පුද්ගලයෙකි. හෙතෙම තම මිතුරන් සමඟ එක්වී කොග්ගල පැවැත්වූ දන්සැලේ කටයුතු නිමාවි නිවස බලා ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුවී ඇත.

වලස්මුල්ලේ තරුණයා කැකිරින්බඩ ජලාශයේ    දියේ ගිලි අතුරුදන්වේ.

සුනෙත් ගාල්ලගේ ගාල්ල 2018.05.01

වලස්මුල්ල පොලිස් කොට්ඨාසයේ කැකිරින්බඩ ජලාශයේ දිය නාමින් සිටිය අයකු දියේ ගිලි මිය ගොස් ඇතැයි වලස්මුල්ල පොලිසිය පවසයි.මෙම අනතුර සිදුව ඇත්තේ 30වන දින දහවල් කාලයේ දී ය.මෙසේ මියගොස් ඇත්තේ, ගල්කැටිය වත්ත උඩදෙනිය වලස්මුල්ල යන ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 23ක් පමණ වූ ටී.ඒ රුමේෂ් මංජුල නැමැති තරුණයෙකි. සිද්ධිය සම්බන්දයෙන් වලස්මුල්ල පොලිසිය පොලිස් පරික්ෂණ පවත්වයි.

ලංගම පා පැදි අනතුරින් බෙලිඅත්තේප්‍රේමාන්න්ද මිය යයි.

සුනෙත් ගාල්ලගේ ගාල්ල 2018.05.01

බෙලිඅත්ත පොලිස් කොට්ඨාසයේ 30 දින දහවල් සිදුවු අනතුරකින්  එක් අයෙකු මරනයට පත්ව ඇත.බෙලිඅත්ත දික්වැල්ල මාර්ගයේ රත්මල් වත්ත වංගුව අසල දී මෙම අනතුර සිදුව ඇත.ලංගම බස් රථයක් හා පාපැදියක් එකට ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇත. තුවාල කරු බෙලිඅත්ත හත්බෝධිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

වයස 62 කුඩාහීල්ල බෙලි අත්ත පදිංචි වන්නිආරච්චිගේ ප්‍රේමානන්ද යන අය වේ.බස් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර, බොලිඅත්ත පොලිසිය පොලිස් පරික්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *