කැබිනට් අමාත්‍ය දුර සඳහා ආරාධනා දැනටමත් ලැබිලා.

මෙවරත් රවිට නොලැබෙන ලකුණු.

විද්‍යාත්මක ක්‍රම වේදයක් අනුව විෂයන් වෙන්කරන ලද කැබිනට් මණ්ඩල සංශෝදනයක් පිළිබඳව බොහෝ කාලයක සිට ආසන්නව ලැබුණා,විශේෂයෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී රජය ලද පසු බෑමත් සමග මෙය වඩාත් තීව්ර උනා.එම කථාබහේ උච්චතම අවස්ථාව එළඹියේ අග්‍රාමාත්‍ය වරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාවට පක්ෂව චන්දය ප්‍රකාශ කර කැබිනට් අමාත්‍ය වරු පිරිසක් රජයෙන් ඉවත්වීමත් සමගයි.
ජනාධිපති වරයාගේ එංගලන්ත සංචාරයේදී බී.බී.සී.සේවය සමග සාකච්චාවකට එක්වෙමින් එතුමාද කැබිනට් සංශෝදනය පිළිබඳව සඳහන් කලා. පසුගියදා දඹුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පවතී උත්සවයකදීද පළමුවෙනිදා සිදු කිරීමට යන කැබිනට් වෙනස ගැන සඳහන් කල, එතුමා සඳහන් කලේ එදිනට පත්වන්නේ නව කැබිනට් මණ්ඩලයක් බවයි.
මෙම ප්‍රකාශය යථාර්තයක් බවට පත්වන ලකුණු පහල වී තිබෙනවා.ඒ හෙට දිනයේ සාමාන්‍ය කැබිනට් රැස්වීමට පෙර පැමිණීමට අමාත්‍ය වරුන්ට ආරාධනා ලැබීමෙන්.මෙවර හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට ඇමති දුරයක් ලැබෙනු ඇතිබවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට අමාත්‍ය දුරයක් නොලැබෙනු ඇති බවටත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *